×

කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට අයර්ලන්ත අගමැති නැවතත් වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වෙයි

ඒ... ඒ රටවල දේශපාලකයෝ


සිය රට තුල ව්‍යාප්ත වන කොරෝනා වෛරසයෙන් සිය ජනතාව බේරා ගැනීම පසෙක ලා සිය යුතුකම අමතක කරන දේශපාලකයන් ගැන වාර්ථා වන අවදියක අයර්ලන්ත අගමැති ලියෝ වරඩ්කාර් විසින් ගන්නා ලද තීරණයක් පිළිබදව මේ වන විට ලෝකයේ කථා බහට ලක්ව ඇත. අගමැතිවරයා ලෙස ධූරය ලබන්නට පෙර යෛද්‍ය වරයෙකුව සිටි ඔහු පසුගියදා නැවතත් එරට වෛදර්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වී ඇත්තේ සිය ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ අරමුණිනි.

ලියෝ වරඩ්කාර් අගමැතිවරයා දේශපාලකයෙකු වීමට පෙර සේවය කලේ ඩබ්ලින්හී ශාන්ත ජේම්ස් රෝහලේ සහ කොනොලි රෝහලේ කණ්ෂ්ඨ වෛද්‍යවරයෙකු වශයෙනි. ඔහු පවතින වසංගතයත් සමග සතියකට වරක් වෛද්‍යවරයෙකු ලෙස ජනතා සේවය සිදු කිරීම ආරම්භ කර ඇත.

දේශපාලනයට පිවිසීමත් සමග ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු වී ඇති අතර නැවතත් ලියාපදිංචි වීමෙන් පසු ඔහුගේ පුහුණුවීම් විෂය පථයට අයත් ප්‍රදේශවල සතියකට එක් සැසියක්” සඳහා වරඩ්කාර් මහතා අයර්ලන්තයේ සෞඛ්‍ය සේවා විධායක (එච්එස්ඊ) වෙත සිය සේවාවන් ලබා දුන් බව ඔහුගේ කාර්යාලය පවසයි.

අයර්ලන්ත ජනරජයේ මේ වන විට COVID-19 රෝගීන් 5,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝගයෙන් 160 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි