×

අයි එස් ග්‍රහණයෙන් සිරියාව මුදා ගැනීමේ අවසන් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අයි එස් අයි සටන්කාමීන් සතුව මෙතෙක් පැවති බාගූස් නගරයේ සිය ජයග්‍රාහී කොඩිය ඔසවන්නට සිරියානු රජයේ හමුදාවන්ට හැකිව ඇත‍


සිරියාවේ අයි එස් සටන් කාමීන්ගේ ග්‍රහණයේ තිබූ අවසන් භූමියත් මේ වන විට සිරියානු රජයේ සහ ඇමරිකානු හමුදාවේ මෙහෙයුමෙන් අත් පත් කරගනිමින් සිටී.

ඒ අනුව අයි එස් සටන්කාමීන් සතුව මෙතෙක් පැවති බාගූස් නගරයේ සිය ජයග්‍රාහී කොඩිය ඔසවන්නට සිරියානු රජයේ හමුදාවන්ට හැකිව ඇත‍මේ පිළිබදව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අයි එස් අයි සටන් කාමීන් පූරණ ලෙසම යටපත් කර ගන්නා තුරුම ඇමරිකානු හමුදාව සීරුවෙන් සිටිනු ඇති බවයි.

සිරියාව සහ ඉරාකයෙන් අයි එස් ක්‍රියා මේ වන විටද නවතා දැමූවද නයිජීරියා වේ සිට පිලපීනය දක්වා තවමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී. ඇමරිකානු සහයද ඇතිව සිරියානු හමුදාව අවුරුදු පහක් තිස්සේ අයි එස් අයි සටන් සිදු කළ බිහිසුණු සටන්වලින් පසු තවත් කැරළි කරුවන් අතර ඉතිරිව ඇත්තේ ඉරාක දේශ සීමාව ආසන්නයේ සුළු බිම් ප්‍රමාණයක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි