×

අයිඑස් කලාපීය නායක ෂෙයික් කොරාසානි ඇෆ්ගනිස්ථානයේදී අත්අඩංගුවට

මෑත වසරවලදී අයිඑස් විසින් ඇෆ්ගනිස්ථානයේ ෂියා සහ අනෙකුත් සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති අතර මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ.


දකුණු ආසියාවේ සහ පෙරදිග ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ නායකයා කාබුල් නුවරදී අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ ප්‍රකාශ කර ඇත.

ෂෙයික් ඕමාර් කොරාසානි ලෙසද හැඳින්වෙන ෂියා උල්-හක් සටන්කාමී කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ සමත්ව ඇත. අනෙක් දෙදෙනා ඔහුගේ ප්‍රකාශක සහීබ් සහ බුද්ධි අංශ ප්‍රධානී අබු අලි බව සොයාගන්නා ලදී.

පසුගිය වසරේ එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ ෂෙයික් ඕමාර් කොරාසානිගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් කණ්ඩායමේ ප්‍රධාන නායකත්වයට ඔහු වෙනුවට වෙඅකෙකු පත් කර ඇති බව නමුත් මෙය කිසි විටෙකත් තහවුරු කර නොමැති බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන සටන්කාමී කණ්ඩායම වන නමුත් අයිඑස් කණ්ඩායම් සමහර ප්‍රදේශවල ක්‍රියාකාරී වී ඇති අතර කාබුල්හි බෝම්බ ප්‍රහාර කිහිපයක්ම ඔවුන් විසින් දියත් කර තිබේ.

වාර්තාකරුවන් පවසන්නේ අත් අඩංගුවට ගැනීම තහවුරු වුවහොත් එය විශාල හැරවුම් ලක්ෂ්‍යක් වනු ඇති බවයි.

මෑතකදී අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ අයිඑස් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් ලද හෝඩුවාවකට පසුව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර ආරක්ෂක සහ බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම මෙහෙයුම සිදු කර ඇති බව එම බුද්ධි අංශ නිවේදනයක දැක්වේ.

බුද්ධි අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ “කලාපීය ත්‍රස්ත කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ නායකයින් දඩයම් කිරීම සහ මෙම ත්‍රස්ත ජාලවල ඒකාබද්ධ කේන්ද්‍රස්ථාන විනාශ කිරීම සඳහා සිය පුළුල් හා ඉලක්කගත මෙහෙයුම් දිගටම කරගෙන යනු ඇත.” යන්නයි.

මෑත වසරවලදී අයිඑස් විසින් ඇෆ්ගනිස්ථානයේ ෂියා සහ අනෙකුත් සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති අතර මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි