×

මාස 16කට පසු එංගලන්තය මල් වෙඩි දමමින් නටද්දී මරණ 96 ක් !

මාස 16 කට පසු එක්සත් රාජධානියේ කෝවිඩ් සංවරණ රීති බොහෝ සෙයින් ලිහිල් වී තිබේ. එළිමහනේදී හෝ රාත්‍රී සමාජශාලාවල දී මුණ ගැසිය හැකි අය ගණන ගැන සීමාවක් නැත.


ලීඩ්ස් නගර වැසියන් කවුන්ට්ඩවුන් එක ආරම්භ කළේ පළමු නැකතේම නිවෙස්වලින් පිටතට දිව යන්නට ය. ජූලි 19 වැනිදා හරියටම මැදියම් රැයේ 12 කණිසම වදිද්දී මල් වෙඩි වලට සමාන ගිනි කෙළි කවුළුවලින් අහසට විසිරුණේය. වසා තිබූ දොරවල් ඇරුණේය. ලීඩ්ස් හි ෆයිබ්රි රාත්‍රී සමාජ ශාලාව වෙත සෙනග පිරුණේය. දේශීය කොවිඩ් පාස්පෝට් උවමනා නැත. කිසිවෙක් ඒවා පරීක්ෂා කළේ නැත. එනිසා එහි රැස්වූවන් කෝවිඩ් නෙගටිව්ද නැතිනම් වැක්සින්කරණයට ලක් කළ අය ද කියා කිසිවෙක් සෙව්වේ නැත. සනීපාරක්ෂක ක්‍රමයකට කියා තිබුණේ දොර අසල වූ සැනිටයිසර් බෝතලය පමණි.

බොහෝ අය කෙළින්ම ඇදී ගියේ නැටුම් බිම වෙතට ය. වේග රිද්ම පළමු ගීතය හිතාමතාම තෝරාගත්තකි. Ultra Nate’s Free..

කිසිවෙක් මුහුණු ආවරණ පවා පැළඳ සිටියේ නැත. මාස දාසයකට පසු ඔවුහු නටා-ගයා ප්‍රීති වෙති.

සිනමා ශාලා ද විවෘත කර තිබේ.

මේ වන විට එක්සත් රාජධානිය වෙත ඇතුළු වන බොහෝ අය දින 10ක ස්වයං නිරෝධානයකට ලක් කෙරෙන්නේ ද නැත. ප්‍රංශයේ බීටා ප්‍ර භේදය පැතිරෙමින් තිබෙන නිසා එවැනි අය පමණක් නිරෝධායනයට යොමු කෙරෙනු ඇත.

මෙතෙක් කල් නිවසේ සිට රැකියාව කළ අය ද ක්‍රමිකව සේවාස්ථාන වෙත වාර්තා කරනු ඇත.

ව්‍යාපාර සහ විශාල උත්සව පවත්වන්නන් හට පමණක් කෝවිඩ් සහතික අනුව සීමාකාරී ලෙස එ්වා සිදුකිරීමට නියම කෙරේ.

සමාජ දුරස්ථකරණය ගැන තවදුරටත් වදවිය යුතු නැත. අදාළ රීති ඉවත් කර ඇත.

මේ අතර, ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් රට තුළ පෙන්නුම් කරයි. ඉරිදා දිනයේ එය 48,000 ඉක්මවා ගිය අතර, සෙනසුරාදා දිනයේ 50,000 ඉක්මවා ගියේය. මරණ ගණන 96 ක් ලෙස සටහන් විය.

එය මාස 4 කින් වාර්තා වූ ඉහළම කෝවිඩ් මරණසංඛ්‍යාවයි. තවද එය පෙර සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා 60.6%ක ඉහළ යාමකි.

පූර්ණ වශයෙන් වැක්සින්කරණයට ලක් වී සිටි සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පොසිටිව් වී සිටියි. ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ චාන්සලර් රිෂී සුනාක් දැන් සිටින්නේ ස්වයං නිරෝධායනයේ ය. ‘පරිස්සම් වෙන්න‘ යැයි බ්‍රිතාන්‍ය අගමැති නම් කියා තිබේ.

පෙනෙන්නට තිබෙන හැටියට බ්‍රිතාන්‍යය ඉක්මන් ගමනක් යයි. ආර්ථිකය සහ ජන ජීවිතය ස්ථාවර කිරීම අත්‍යාවශ්‍ය බව සැබෑ ය. නමුත් ඔවුන් අවම වශයෙන් නෙදර්ලන්තයෙන් පාඩමක් ඉගෙන ගත යුතුය. නෙදර්ලන්තයේ සංචරණ සීමා ඉවත් කළ පසුව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600%කින් ඉහළ ගියේය. ඊශ්‍රායලය, දකුණු කොරියාව, ස්වීඩනය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාවේ ද තත්වය සුබදායක නැත. සංචරණ සීමාවන් ඉවත් කිරීම, මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑමක් නම්, තවත් ටික කලක් දොර වසාගෙන ගෙදර සිටියාට කම් නැත.

බ්‍රිතාන්‍යයන් මෙසේ සාද දමන්නේ, නටා තුටු වන්නේ ඩෙල්ටා වේරියන්ට් හෙවත් ලෝකයම බිලි ගනිමින් පැතිර යන ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය අතරවාරයේ බව අමතක නොකළ යුතුය. අලුත වාර්තා වූ මරණ 96 අතරින් හරි අඩකටත් වඩා පිරිසක් පූර්ණ වශයෙන් එන්නත්කරණය වූ අය ය. කළු වළාව තවම පහව ගොස් නැත. එය තවත් දැඩි වූවා පමණි. ඉක්මන් සාද සිනහව, පසුතැවිල්ලට හේතු විය හැකිය.

කියවන්න –

ලොක්ඩවුන් සහ සංචරණ සීමා ඉවත් කළ රටවල් 6 ක අද ඉරණම – නෙදර්ලන්තයේ ආසාදිතයන් 500%කින් ඉහළට

කෝවිඩ් ලොක්ඩවුන් සහ සංචරණ සීමා ඉවත් කළ රටවල් 6 ක අද ඉරණම – නෙදර්ලන්තයේ ආසාදිතයන් 500%කින් ඉහළට

බ්‍රිතාන්‍යයේ දෛනික කෝවිඩ් ආසාදන ගණන 50,000 පනිද්දී වැක්සින් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ දෛනික කෝවිඩ් ආසාදන ගණන 50,000 පනිද්දී වැක්සින් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි