×

ISIS අවසන් කළා, සිරියාවේ සිටි ඇමරිකානු හමුදාවට ගෙදර එන්නැයි ට්‍රම්ප් කියයි.

''අපි ISIS පරාජය කළා… ඔවුන්ට එරෙහිව අපි ජයග්‍රහණය කළා..අප ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දුන්නා…..අපි ඔවුන්ගෙන් සිරියාව අත්පත් කර ගත්තා… මෙය අපේ සෙබළුන්ට නැවත පැමිණෙනෙන්නට කාලයයි….''


සිරියානු ආරක්ෂක කටයුතු වල නිරතව සිටි ඇමරිකානු හමුදාවට වහාම ගෙදර එන්නැයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධානය කර ඇත.

හිටි හැටියේ ඇමරිකානු ජනපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය පිළිබඳව ආරක්ෂක උපදේශකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇති අතර විවේචන මධ්‍යයේ ඇමරිකානු ජනපති විසින් සිදු කර ඇති වෙනස වන්නේ එම තීරණය තව මාස 6ක් දක්වා තීරණය කිරීම පමණි.
ආරක්ෂක උපදේශකයන් සහ විචාරකයන් පවසන්නේ ඇමරිකාවේ මෙම ඉවත්වීම නිසා රුසියාව සහ ඉරානය තව දුරටත් සිරියාව තුළ සිය මැදිහත්වීම තර කර ගනු ඇතැයි යන්නයි.


ඔ දේවියනි ….තීරණය සම්බන්ධව ටම්ප් සමීපතමයින් පවා එසේ විශ්මය පල කරන ලදී..ඔවුන් පවසන්නේ මෙම තීරණය බරපතල අත්වැරැද්දක් වනු ඇති බවයි.
”අපි ISIS පරාජය කළා… ඔවුන්ට එරෙහිව අපි ජයග්‍රහණය කළා..අප ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දුන්නා…..අපි ඔවුන්ගෙන් සිරියාව අත්පත් කර ගත්තා… මෙය අපේ සෙබළුන්ට නැවත පැමිණෙනෙන්නටකාලයයි….” සිය තීරණය සම්බන්ධව ට්‍රම්ප්ගේ අදහස එයම පම‍නක් වී ඇත‍. නමුත් ඇමරිකානු ආරක්ෂක අධිකාරීන් පවසන්නේ හිටි හැටියේ එලෙස තීරණය කළ නොහැකි බවකි ISIS සංවිධානය නැවත නැගිටින්නට ඕනෑ තරම් ඉඩ කඩ ඇති බව හා සිරියාව තුළ ඇමරිකානු විරෝධී විදෙස් බලවේග මේ වන විටත් වර්ධනය වෙමින් පවතින බවත්ය.

Embedded video

After historic victories against ISIS, it’s time to bring our great young people home!

End of Twitter post by @realDonaldTrump

41.9K people are talking about thisTwitter Ads info and privacyReport

නමුත් ට්‍රම්ප් ගේ මතය වන්නේ ” යුද්ධයට ගිය සෙබලුන් ගැන මම ඉතාමත් දුකට පත්වුණා.. යුද්ධයේදී මිය ගිය දෙමවු පියන් .. දරුවන් හෝ බිරින්දෑවරුන් හෝ සැමියන් වෙත ලිපි ලියන විට මම ඉතාමත් දුකට පත් වුණා ”

ඔහු එසේ තව තවත් තම තීරණය සංවේදී ලෙස සාධාරණී කරණය කරමින් කියා සිටියි.
සියල්ලන්ගේම පුදුමයට හේතු වී ඇත්තේ ට්‍රම්ප්ගේ තීරණය මෙතරම් ඉක්මණින් සිදුවීම සම්බන්ධවයි. මේ ගැන ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින්ද ඔහු පැවසුවේ ලැබූ ”ඓතිහාසික ජයග්‍රණයෙන් පසු හමුදා සිය රටට පැමිණිය යුතු බවයි..”

ට්‍රම්ට සෑම කලකම සහට දැක්වූ රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙටර් වරයෙක් වන ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ ට්‍රම්ප්ගේ මෙම තීරණය .. ”ඔබාමාගේ තීරණය වැනි අත්වැරද්දක් බවයි…”
මේ සම්බන්ධව පෙන්ටගනය ප්‍රකාශ කරන්නේ IS සංවිධානය තුරන් කිරීම වෙනුවෙන් ගත යුතු ඊළඟ පියවර සඳහා මෙය මූලාරම්භයක් බවයි.

මේ මොහෝත වන විට කුර්දිෂ් කලාපයේ පමණක් ඇමරිකානු හමුදා සාමාජිකයින් 2000ක් සිටින අතර . නවතම ඇමරිකානු වාර්ථාවලට අනුව සිරියාව තුළ මේ වන විට 14000ක පමණ  ISIS ප්‍රහාරකයන් සිටියි. ඇමරිකානු ආරක්ෂක අංශ වල මතය වන්නේ ඔවුන් මේ අවස්ථාවේදී වුවද ගරිල්ලා ප්‍රහාර එල්ල කරනු ඇති බවත් සිය සාමාජික ජාලය ඉහළ නංවා ගැනීමට කටයුතු කරනු ඇති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි