×

ISIS ආරම්භය, මෙතෙක් සිදු කර ඇති ප්‍රහාර සහ තවත් වැදගත් සිදුවීම් ?

මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩි මනත් දෙනා අතින් කියැවෙන මෙන්ම ලොකයේ බොහෝ පිරිස් අතර කථා බහට සේම විවේචනයට ලක්වන ISIS ත්‍රස්තවාදී සංවිධානය ගැන අප දැන ගත යුතු කරුණු.


ISIS යනු ලොව සිටින වඩාත්ම භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් බව අවිවාදිතය.

මෙම ලිපියේදී සාකච්ඡා කෙරෙනු ඇත්තේ ISIS කෙසේ හට ගත්තේද, එය පාලනය කරන්නේ කවුරුන් විසින්ද සහ ඔවුන් විසින් මෙතෙක් සිදු කර ඇති ප්‍රහාර පිළිබද විස්තරයි.

ඉස්ලාමීය රාජ්‍යයක අපේක්ෂාව ඉස්ලාමීය අන්තවාදී පිරිස් තුළින් ඉතිහාසයේ විවිධ අවස්ථාවල පැන නැගී අතර ඈත අතීතයේ තුරුස යුද්ධ කාලය දක්වා එය දිව යන්නේය. කෙසේ වෙතත් ISIS ආරම්භයට මුල පිරන්නේ 2003 ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමත් සමගිනි. ඇමරිකානු බලපෑමත් සමග ඉරාක රෙජීමය බිඳ වැටෙමින් පැවතින සිදුවූ දේශ පාලනික අස්ථාවරත්වය සමග ඇමරිකානු අත පෙවීම් නිසා එතෙක් ඉරාකයේ වීරයෙකු ලෙස විටෙක හැදින්වී සදාම් හුසේන්ට පක්ෂපාතීව සිටි අනුගාමිකයන් හා ඔහුට පක්ෂ පාතීව සිටි සියල්ලන්ට ඉරාකය තුළ සිය බලය සහ අයිතීන් අහිමි වීම ආරම්භ විය. එය ඔවුන් වෙත සිය අයිතීන් උදෙසා වෙනම නැගී සිටීම දක්වා හේතුවක් විය. ඔසාමා බින් ලාඩන් විසින් ඇති කරගන්නා ලද අල් කයිඩා සංවිධානය සිය ගැලවීම බව සිතූ ඔවුන් ඉරාකය තුළ ඉරාක අල් කයිඩා සංවිධානය නමින් අන්තවාදී සංවිධානයක් පිහිටුව ගන්නා ලදී.

ඔවුන් ඔසාමා බින් ලාඩන්ගේ අල්කයිඩා සංවිධානයේද ආදර්ශ යටතේ බටහිර විරෝධී නිදහස් ඉස්ලාමීය රාජ්‍යයක අයිතිය වෙනුවෙන් සංවිධානය විය. කෙසේ වෙතත් මේ වන විට අල්කයිඩා අභිබවා ISIS අතිශය කුරිරු මෙන්ම අන්තරජාතික වශයෙන් ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් ලෙස සිය ශක්තිය වර්ධනය කර ගත්හ.

ISIS යන්නෙහි තේරුම Islamic State in Iraq and Syria යන්නයි.
සැබවින්ම ඔවුන්ට අනුව අද එය ISIS නොව IS යුද්ධ කර තමන් අත්පත් කර ගන්නේ කොතැනත එතැන සිය පාලන ව්‍යුහය ආරම්භ කිරීම ISIS පුරුද්දය. ඉරාකය සහ සිරියාව සිය ඉස්ලාමීය නිජ බිම බවට පත් කර ගත් ISIS ත්‍රස්තවාදීන් ඉතා සීග්‍රයෙන් ලෝකය පුරා පැතිර යෑමට හේතු කිහිපයකි. ප්‍රධානතම හේතුව

ISIS මෙතරම් වර්ධනය වීමට ඔවුන්ට විශාලතම ශක්තියක් වූයේ ඔවුන් විසින් අත් පත් කරගත් භූමිය තුළින් ලබා ගත් ඉන්ධන සම්පතයි.

ISIS වඩාත් ශක්තිමත්ව සිය පාලනය තහවුරු කර ගනු ලබන්නේ ඉරාකය සහ සිරියානු දේශසීමා අතර තුර විශාල භූමියකය. 2014 වසරේදී ඔවුන් එහි ඉස්ලාමිය නායකයෙකු විසින් පාලනය කෙරෙන වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඔවුන්ගේ ප්‍රධානතම ආදායම වන තෙල් නිධි කිහිපයක්ම එහි පිහිටා ඇත. එය ඔවුන්ගේ විශාලතම ශක්තියද වන්නේය. තම ඉන්ධන නීති විරෝධීව කළු කඩ වෙළදාම ඔස්සේ විකුණන ඔවුන් එමගින් දෛනිකව ඩොලර් මිලියන 3 බැගින් උපයාගනු ලබයි.

ලිඛිතව සදහන්ව ඇති මෑත කාලීන වාර්ථා අනුව රටවල් 29ක් පුරා ප්‍රහාරයන් 143 ක් දියත් කර 2,043 ක් පිරිස ඔවුන් විසින් ඝාතනය කර ඇත.


July 25, 2016. වන විට යාවත්කාලීන තොරතුරු මේ සම්බන්ධව ඇති සමීපතම වාර්ථාය.

ISIS විසින් සමාජ මාධ්‍ය ඉතා දැඩි සේ භාවිතා කරන කණ්ඩායමක් වන අතර ඔවුන් ඒ තුළින් සිය මූලධර්මාවාදී අදහස් මෙන්ම තමන්ගේ පළි ගැනීමේ ක්‍රියා පිළිබදව අදහස් ප්‍රචාරය සිදු කරනු ලබයි. 2014 වසරේදී ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාකය සහ සිරියාව අතර වර්ග සැතපුම් 34000ක් එනම් මධ්ධ‍යරණී වෙරළ තීරයේ සිට දකුණු බැග්ඩෑඩය දක්වා භූමි ප්‍රමාණයක් යටත් කරගෙන සිටියහ. නමුත් මීට මසකට පෙර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළේ ඇමරිකානු හමුදා සහය ඇතිව වසර 5කට පසුව සිරියාවෙන් ISIS සටන් කිමීන්ගෙන් මුදවා ගැනීමට සමත් වූ බවයි. ඊට පෙර ඇමරිකාව පවසා තිබූණේ 2015 පැවති ප්‍රමාණයට වඩා ඔවුන්ට 40% භූමි ප්‍රමාණයක් අහිමිව ගිය බවයි. 2017 වසරේදීද ඉරාක රජය විසින් ISIS සටන් කාමීන් පරාජය කළ බව ප්‍රකාශ කළද ඒවක සිට අද දක්වා දහසකට අධික ප්‍රහාර ප්‍රමාණයක් ඔවුන් විසින් රට තුළ සිදු කර ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්ථාවෙන් පෙන්වා දෙන පරිදි 2015 වසරේදී ISIS ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයින් 3500ක් වහල් සේවයේ යොදවා ඇත. ඒ බහුතරයක් යාසිඩි නම් ප්‍රජාවට අයත් දරුවන් සහ වෙනත් ජාතිකයන්ය.
ඉන්ධන වෙළදාමට අමතරව . මංකොල්ලා කෑම්, බදු අයකිරීම, පැහැරගැනීම් ගුවන්යානා සේරකම් කර විකිණීම්, වගා බිමි බලහත්කාරයෙන් අත්පත් කිරීම සහ පාලනය මගින් මුදල් ඉපැයීම් ආදී ක්‍රියා අනුගමනය කරයි.

ජිනීවාහී Centre for Security Policy හි වාර්තාවන්ට අනුව ඔවුන්ගේ ආදායම් ලැබෙන ආකාරය

Income tax: 10%
Business tax: 10%-15%
Sales tax: 2%
All bank cash withdrawals: 5%
Pharmaceutical drugs: 10%-35%
ISIS විසින් සිය පාලක ප්‍රදේශ වල ජනතාවගෙන් මෙම අයිකිරීම් සිදු කරන අතර පවසන්නේ සාකාත් නමින් හදුන්වන ආගමික කටයුතු සදහා බවයි.

Abu Bakr al-Baghdadi අබු බකර් අල් බලාද ඒ ISIS ප්‍රාරම්භක නායකයාය.

සිරියාව සිය නිවහන කර ගත් ඔහ් ඉරාකයේ ඇමරිකාඑක්සත් ජනපදය මගින් පවත්වාගෙන යන බුක්කා කදවුරෙහි රදවා තැබූ අතර 2004 වසරේදී නිදහස් කරනු ලැබූ අයෙකි.

2004 – Abu Musab al-Zarqawi ඉරාක අල්කයිඩා සංවිධානය නමින් ISIS මූලික ස්වරූපය අල්කයිඩා නමින් ප්‍රථම වරට පිහිටුවා ගනු ලැබුවේ ඔහු විසිනි.

2006 වසරේදී ඔහුගේ මූලිකත්වයෙන් ඉරාකයේ ෂියා මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව නිකාය වාදී යුද්ධයක් ආරම්භ කරන ලදී.

2006 ජූනි 7 – ඇමරිකානු බොම්බ ප්‍රහාර මගින් අබු මුසබ් අල් සර්ක්වාවි මර දමනු ලැබීය. ඉන් පසු ඉරාක අල්කයිඩා නායකත්වයට පැමිණියේ අබු අයුබ් අල් මස්රි ය. මෙම වසරේම ඔක්තොම්බරයේ නව නායකයෙකු පත්වූ අතර අබු ඕමාර් අල් බගාදි යන ඔහු විසින් Islamic State of Iraq හෙවත් (ISI)නමින් සිය සංවිධානයේ නම වෙනස් කර නැවත පිහිටුවා ගන්නා ලද්දේය.

2010 අප්‍රේල් මස නැවතත් නායකයෙකු පත් වූ අතර ඔහු අබු බකර් අල් බග්දාදි නම් විය. මේ අතර මින් පෙර නායකයන් දෙදෙනා වූ අබු ඔමාර් අල් බග්දාදි සහ මස්රි යන දෙදෙනා ඇමරිකාව විසින් ඉරාකය තුළ කළ මෙහෙයුම් වලදී මරා දමනු ලැබීය.

2013අප්‍රෙල් මස ISI හෙවත් ඉරාක ඉස්ලාමීය රාජ්‍ය නැමති මෙම සංවිධානය විසින් සිරියාවේ අල්කයිඩා මගින් මෙහෙයවනු ලැබූ ජබත් අල් නුස්රා හෙවත් අල් නුස්රා පෙරමුණ සමග අත්වැල් බැද ගන්නා ලදී. ඒත් සමග අබු බකර් අල් බග්දාදි විසින් ප්‍රකාශයට පත් කළෙ මෙම තම කණ්ඩායම මින් ඉදිරියට ISIL හෝ ISIS (Islamic State in Iraq and the Levant) නමින් හදුන්වනු ඇති බවයි.

එවක් පටන් ඔවුන් ISIS යන නම භාවිත කරන්නට පටන් ගනී.

2014 ජනවාරි යේ මෙම නාමකරණයෙන් පසු ප්‍රථම වතාවට ඉරාකයේ ෆල්ලුජා නගරය සිය ග්‍රහණය යටතට ගන්නා ලදී.

2014 පෙබරවාරි 3 – අල් කයිඩා සංවිධානය විසින් ISIS සමග සම්බන්ධතාව ප්‍රතික්ෂේප කරමින් එය නවතා දැමුවේය. ඊට හේතුව වූයේ ISIS සමග ඉරාකයේ අල් නුස්රා අතර ඇති වූ විරසකයයි.

2014 මැයි මාසයේදී ISIS ත්‍රස්තවාදීන් විසින් සිරියාවේ තුර්දිෂ් ජාතික පාසැල් දරුවන් 140 දෙනා පැහැර ගන්නා ලද අතර ඔවුන්ට අන්තගාමී ඉස්ලාමීය ඉගැන්වීම් සිදු කිරිමටත් ඔවුන්ව බලහත්කාරයෙන් තමන්ගේ ඉස්ලාමීය වෛරී අදහස් කා වැද්දවීමටත් උත්සහා කරන ලදී.

2014 ජූනි 9-11 දිනවලදී ඉරාකයේ තවත් නගර වන Mosul and Tikrit නගර අත් පත් කර ගන්නා ලදී.

2014 ජූනි ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉරාක ජාතිකයන් මිලියනයකට උන් හිටි තැන් අහිමි වී ඇති බවයි. ISIS අන්තවාදීන් සිදු කළ ප්‍රහාර හේතුවෙනි.

2014 ජූනි 20 සිරියානු දේශ සීමාවේ පිහිටි නගරයක් වන අල්- ක්වායිම් සහ තවත් නගර තුනක් අත්පත් කර ගන්නා ලදී.

2014 ජූනි 28 –සරණාගතයින් සදහා ඉරාකයේ කුර්දිස්තාන දේශ සීමාව තහනම් කරන ලදී.

2014 ජූනි 29 ISIS විසින් ලෝකය පුරා මුසල්මානුවන් බිලියන 1.5ක් තමන් හා බව පවසමින් දේශ සීමා විරහිත ඉස්ලාමීය භූමිය ලෙස සමස්ත ලෝකයම ඊට අයත්වන බව ප්‍රකාශයට පත් කළ අතර බග්දාදි විසින් එහි නායකත්වය ගන්නා බව ස්ව ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය ඒ අනුව ISIS , IS එනම් කිසිදු දේශ සීමාවක් නොමැතිව Islamic State ලෙස නම් කරනු ලැබීය.

2014 ජූනි 30 ඉරාක වෙත 300ක අමතර භට කණ්ඩායමක් පිටත් කර හරින බව ඇමරිකාවේ පෙන්ටගනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉරාකයේ ඇමරිකානු භටයන් 800ක් බව පත් විය.

2014 ජූලි – සිරියාවේ හොම්ස් පළාතෙහි පවතින සිරියාවේ විශාලතම තෙල් නිධිය සහ ගෑස් නිධිය ISIS විසින් අත්පත් කර ගන්නා ලදී. එහිදී විශාල වශයෙන් ඒවාහී සිටි සේවකයන් ඝාතනය කෙරිණි.

2014 අගෝස්තු 6 – යාසිඩිස් නැමති ආගමික කණ්ඩායමට නිජ බිම වූ  ඉරාකයේ උතුරු සීමාවේ සින්ජාර් වෙත ISIS ප්‍රහාර එල්ල කළ අතර 30000 ට අධික යාසිඩීස් පවුල් යන එන මං නොමැතිව අතරමවූ පිරිසක් බවට පත් විය. එහිදී 500ක් පිරිමින් මරා දැමූ අතර දරුවන් 70ක් දෙනා අධික පිපාසයෙන් මිය ගිය අතර කාන්තාවන් වහල් සේවය සදහා විකුණා දැමූහ.


ISIS හමුදාවේ එක් එක් ශ්‍රේණින්

2014 අගෝස්තු 8- ඉරාකයේ පිහිටි ISIS කාලතුවක්කු අංශය වෙත ඇමරිකානු ජෙටි යානා 2ක් විසින් ප්‍රහාර එල්ල කෙරිණි. සුළුතර කණ්ඩායම් සමූල ඝාතනයෙන් වළකාලීම සදහාත් ඇමරිකානුවන් රැක ගැනීමටත් එවකට ජනපති බැරැක් ඔබාමා ඉලක්ක ගත ස්ථාන සදහා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ වලට අවස්ථාව සළසන ලදී.

2014 අගෝස්තු 19 – ඇමරිකානු මාධ්‍ය වේදී ජේම්ස් ෆොලී ගේ හිස ගසා දමන වීඩීයෝවක් ISIS ත්‍රස්තවාදීන් විසින් බෙදා හරින ලදී. ජේම්ස් ෆොලී 2012 වසරේදී සිරියාවේදී අතුරුදහන් විය.

2014 සැප්තැම්බර් 2 – ඇමරිකානු මාධවේදී ස්ටීවන් සොට්ලොෆ් ගේ ද හිස ගසා දමන වීඩියෝවක් ISIS ත්‍රස්තවාදීන් විසින් බෙදා හරිනු ලැබූහ.

2014 සැප්තැම්බර් 11 – CIA විසින් ISIS සාමාජිකයන් ගණනය කර තිබූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් හෝ ඊට වැඩි ගණනකින් සාමාජිකත්වය වැඩි කරගෙන ඇති බව හෙළි කරන ලදී.

2014 සැප්තැම්බර් 13 – බ්‍රිතාන්‍ය ජාතික ආධාරක නිළධාරියෙකු වූ ඩේවිඩ් හෙයිනස් ව ඝාතනය කරන වීඩියෝවක් ISIS විසින් හෙළි කරන ලදී.

2014 නොවැම්බර් 3- පෙර කියා තිබූ පරිදි ISIS ත්‍රස්තවාදීන් විසින් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින් 322 දෙනෙක් මරා දමන ලදී.

2014 නොවැම්බර් 14 – එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර කොමිසම විසින් සිරියාව පිළිබද පවත්වන ලද විමර්ෂණයකදී තීරණය කරන ලද්දේ ISIS යනු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුධ අපරාධ සිදු කරනු ලබන සංවිධානයක් බවයි.

2014 නොවැම්බර් 16- ඇමරිකානු ප්‍රාණ ඇපකරුවෙකු වූ පීටර් කේසින්ග් ඝාතනය කර වීඩියෝවක් නිකුත් කරන ලදී,

2015 ජනවාරි 22 – ඇමරිකානු රාජතාන්ත්‍රික නිළධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හේතුවෙන් ISIS සාමාජිකයන් 6000ක් පමණ මිය ගොස් ඇති බවයි.

2015 ජනවාරි 24 – ජපනි ජාතික ප්‍රාණ ඇපකරු හරුණා යුකාවා හිස ගසා ඝාතනය කිරීමේ වීඩියෝවක් නිකුත් කෙරිණි.

2015 ජනවාරි 31- තවත් ජපන් ජාතික ප්‍රාණ ඇපකරුවෙකු වූ කෙන්ජි ගෝටෝ ද හිස ගසා මරා දැමූබවට ජායාරූප සහ හඩ පටයකු නිකුත් කෙරිණි.

2015 පෙබරවාරි 5 – සිරියාවට ඉහළින් ජෝර්දානයට අයත් ජෙට් යානා මගින් ISIS පුමුණු මධ්‍යස්ථාන විනාශ කර දැමිණි. ඊට පසු දින ISIS ඊට පළිගැනීමක් ලෙස ඇමරිකානු ප්‍රාණ ඇපකරුවෙකු වූ ජීන් මුලර් මරා දමන ලදී.

2015 පෙබරවාරි 11 – ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් ඇමරිකානු කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේ රාජකාරීමය ලෙස ISIS ට විරුද්ධව ඇමරිකානු ආරක්ෂක අංශ පිළිබද තීරණ සදහා බලය පාවිච්චි කරන ලෙසයි.

2015 පෙබරවාරි 15 – ISIS විසින් ලිබියානු වෙරළ තීරයේදී ක්‍රිස්තියානි ජාතික ඊජිප්තු ජාතිකයන් 20කට ආසන්න ප්‍රමාණයක් හිසා ගසා මරා දමන ලද අතර ඒ පිළිබදව වීඩියොවද නිකුත් කරන ලදී, ඊට පසු දින ඊජිප්තු ප්‍රහාරක ගුවන් යානා ලිබියාවේ ISIS ඉලක්ක සදහා ප්‍රහාර එල්ල කරන ලදී,

2015 පෙබරවාරි 22- කුර්දිෂ් ජාතිකයන් 21 දෙනෙකු ඉරාකයේ වීදි දිගේ ඇදගෙන යන ුයුරු වීඩියෝවක් ISIS විසින් නිකුත් තෙරිණි.

2015 පෙබරවාරි 26 -. මෙතෙක් විශේෂයෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ හිස ගසා දැමීම සිදු කළ වීඩියෝ වල පෙනෙන්නට සිටි ජිහාඩි ජෝන් නමින් හැදින් වූ වධකයා කුවේටයේ උපන් ලන්ඩන් ජාතිකයෙකු වූ මෙහොමඩ් එම්වාසි බව හදුනා ගන්නා ලදී. එම දිනයේම මෝසුල් කෞතුකාගාරයේ පුරා වස්තු ISIS ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමන ලදී.

2015 මාර්තු – රක්කා හී ගොඩ නැගිල්ලක සිට මිනිසෙකු තල්ලු කර මරා දමන ඡායාරූපයක් නිකුත් තෙරිණි ISIS විසින් දක්වන්නේ ඔහු සමරිසි සම්බන්ධතාවක් ඇත්තෙක් හේතුවෙන් ඔහුට විරුද්ධව ලබා දුන් දඩුවම බවයි.

2015 මාර්තු 12 – නයිජීරියානු අන්තගාමී ඉස්ලාම් කණෟඩායම බොකෝ හරාම් නායක අබුබකර් ෂේකාවු විසින් ISIS වෙත සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමින් හඩ පටයක් නිකුත් කෙරිනි. ඊට පසු දින ISIS ප්‍රකාශකයෙක් ප්‍රකාශයක් නිකුත් කළේ සිය සංවිධානය බටහිර අප්‍රිකාව දක්වා ව්‍යාප්ත වූ බවයි.

2015 මැයි 16 -ඇමරිකානු මෙහෙයුමකදී ISIS නායකයා ඝාතනය කෙරුණ අතර එහිදී ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇත.

2015 ජූනි 15 – ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික ත්‍රස්තවාදී වාර්ථාවට අනුව ISIS අල්කයිඩා සවිධානය භිබවමින් ඊට වඩා වඩාත් දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව සදහන් කරන ලදී.

2015 ජූනි 24 – සිරියානු රජය විසින් ප්‍රකාශයට පත් කලේ ISIS ත්‍රස්තවාදී විසින් තමන්ට තිබූ අග්‍රගණ්‍ය පෞරාණික මෙන්ම පූජණීය භුමියක්වූ  වසර 500ක ඉතිහාසයක් ඇති පැල්මීරා වට අයත් නගර 2කට ප්‍රහාර එල්ල කරන ලද බවයි.

2015 ජූලි 1- ටියුනීසියානු හෝටලයකදී පුද්ගලයින් 38 ක් වෙඩි තබා මරා දැමූ අතර කුවේටයේදී  බොම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 27ක් මරා දමනු ලැබීය. ISIS එහි වගකීම භාර ගන්නා ලදී,

2015 අගෝස්තු – ISIS විසින් පැල්මිරාවේ වසර 2000ක් පැරණි බාල්ෂමීන් පුද බිම විනාශ කළහ.

2015 නොවැම්බර් 12 – පෙන්ටගනය විසින් නිවේදනය කළ ISIS වධකයා වූ ජිහාඩි ජෝන් හෙවත් එම්වාසි මරා දමන ලද බවයි.

2015 නොවැම්බර් – බීරූට් හී සිදු කළ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර 2කින් පුද්ගලයින් 40 දෙනෙකු මරා දමනු ලැබූහ.

2015 දෙසැම්බර් 28 – ඉරාක ආරක්ෂක භටයන් විසින් රමාදි නගරය අත් පත් කර ගන්නා ලදී. එහි ඉරාක කොඩිය ඔසවන ලදී.

2016 ජනවාරි 24 – ISIS විසින් පැරිස් ප්‍රහාරය සම්බන්ධව අවසන් පණිඩිවය නිකුත් කරනු ලැබීය.

2016 පෙබරවාරි 21 සිරියාවේ දමස්කස් හා හෙමිස් හී දරුණු ප්‍රහාර සිදු කරන ලද අතර එහිදී 122කු ඝාතනයට ලක් කෙරුණි.

2016 මාර්තු 22 බෙල්ජියමේ බ්‍රස්ල්ස් වෙත එල්ල කළ ISIS ප්‍රහාරයේදී පුද්ගලයින් 30කු ඝාතනය කෙරිණි.

2016 මාර්තු 25- ලෙන්ටගනය විස්න ප්‍රකාශයට පත් කළේ ISIS මූල්‍ය ඇමතිවරයා වූ අබ්ද් අල් රහමන් මුස්තාෆා අල් කුවිදුලි ඝාතනය කරන ලදී,

2016 ජූනි 22 -ඉරාකයේ ආරක්ෂක විසින් ISIS විසින් පාලනය කල ෆල්ලුජා නගරය නැවත අත්පත් කර ගත් බවට ඩරාක රූප වාහිනිය විසින් දැනුම් දෙන ලදී,

2016 ජූනි 28 – තුර්කියේ ඉස්තාම්බුල් හී ගුවන් තොටුපලෙහි ISIS විසින් බෝම්බයක් පුපුරුවා හල අතර එහිදී පුද්ගලයන් 44ක් දෙනා මරණයට පත් වූ අතර 230ක් දෙනාට තුවාල සිදු විය.


2016 ජූලි 1-2 බංග්ලාදේශයේ දකා අග නුවර වෙළද සැළක් තුළ  ISIS තුවක්කු කරුවෙකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයක් සිදු කර  ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් 20ක් දෙනෙකු ඝාතනය කරන ලදී.

2016 ජූලි 3 – ඉරාකයේ බැග්ඩෑඩ් හීදී කාර් රථයක සවි කළ බෝමිබයක් මගින් ISIS විසින් පුද්ගලයින් 292 කු මරා දැමූ අතර එහිදී 200ක් තුවාල ලදහ. මෙය 2003 වසරේ සිට ISIS විසින් සිදු කළ වැඩිම මරණ ගණනක් වාර්ථා වූ ප්‍රහාරය විය.

2016 අගෝස්තු 30- ISIS සාමාජික මෙන් ප්‍රකාශකයෙකු වන අබු මොහම්මදු අල් අද්නානි සිරියාවේ අලෙප්පෝ හී දී මරා දමා ඇති බව Amaq ප්‍රවෘත්ති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී,

2016 ඔක්තෝබර් 17- ඉරාක උප අගමැති විසින් රූපවාහිනී ප්‍රකාශයක් සිදු කරමින් දන්වා සිටියේ මෝසුල් නගරය ISIS ත්‍රස්තවවාදීන්ගෙන් මුදවා ගන්නා මෙහෙයුම් ආරම්භ කළ බවයි.

2016 ඔක්තොබර් 24 -පාකිස්ථානයේ කැඩෙට් නිළධාරී පුහුණුවක් අතර තුර සෙබළුන් නිදා සිටින මොහොතේදී ඔවුන් වෙත එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 117 ක් තුවාල ලදහ. එහි වගකීමද ISIS විසින් බාර ගන්නා ලදී.

2017 අප්‍රේල් 9 – ඊජිප්තුවේ පාම් හී ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ එල්ල කරන ලද අතර 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 119 දෙනෙකුට තුවාල සිදු වූ බවයි.

2017 අප්‍රේල් 13 – ඇමරිකානු හමුදාව විසික් ඉතාමත් බලවත් න්‍යෂ්ටික නොවන බොම්බ ප්‍රහාරයක් ඇප්ගනිස්ථානයේ ISIS මධ්‍යස්ථානය වෙත එල්ල කරන ලදීත එහිදී ISIS සාමාජිකයන් 94 දෙනෙකු මරණයට පත් විය.

2017 මැයි 26- 28- මෝසෝල් නගරයේදී  ISIS ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය වැසියන් 200කට වැඩි පිරිසක් මරා දමන ලදී.

2017 ජූලි 10 – මෝසුල් නගරය ISIS ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැණිනි.

2017 ඔක්තෝබර් 17 – සිරියාවේ ISIS පාලනය යටතේ තිබූ රක්කා නගරයේ පාලනය ඔවුන් අතින් ගිලිහී ගියේ ඇමරිකානු හමුදාව එය අත්පත් කර ගැනීමත් සමගිනි.

2017 දෙසැම්බර් 6- පෙන්ටගනය විසින් නිකුත් කරන ලද වාර්ථාවක පෙන්වා දී තිබුණේ ඇමරිකානු භටයන් 5200ක් ඉරාකයේද 2000ක් සිරියාවේද මෙහෙයුම් වල නියුක්තව සිටින බවයි.

2017 දෙසැම්බර් 9- ISIS සටන් කාමීන් යටතේ තිබූ ඉරාකයට අයත් බිම් සම්පූර්ණණයෙන්ම නිදහස් කර ගත් බව ඉරාකය විසින් දැනුම් දෙන ලදී, ඒ ඒකාබද්ධ හමුදා විසින් වසර 3ක් ඔස්සේ සිදු කළ ප්‍රහාර 25000කට ආසන්න සංඛ්‍යාවට පසුවයි.

2018 ජූලි 25 -දකුණු සිරියාවේ සුවයිදා නගරයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මගින් ISIS ත්‍රස්ථවාදීන් විසින් පුද්ගලයින් 166 දෙනෙකු ඝාතනය කෙරිණි.

2018 අගෝස්තු 25- ඇප්ගනිස්ථානයේ ISIS නායක අබු සයිද් ඔර්කාසි සහ තවත් 10 දෙනෙකු නන්ගහාර් හීදී ඇමරිකානු භටයින් විසින් මරා දැමිණි.

2018 සැප්තැම්බර් 6- සිරියාව තුළ ISIS පහව යන තුරුම ඇමරිකානු හමුදාව සිය මෙහෙයුම් අත් නොහරින බවට සිරියාවේ ඇමරිකානු විශේෂ නියෝජිතවරයා විසින් ප්‍රකාශයක් නිතුක් කරන ලදී.

2018 දෙසැම්බර් 19- ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි ප්‍රකාශයට පත් කලේ සිරියාවේ සිටි ඇමරිකානු භටයන් නැවත ඇමරිකාවට ගෙන්වා ගන්නා බවත් ISIS පරාජය කර අවසන් බවත්ය. නමුත් ඒකාබද්ධ හමුදාවන් විසින් සාර්ථක ලෙස අත්පත් කරගෙන තිබුණේ ISIS පාලනය යටතේ තිබූ භූමියෙන් අඩක් පමණය. ආරක්ෂක දෙපොර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළේ සිරියාවේ සහ ඉරකය තුළ  ISIS ත්‍රස්තවාදී සාමාජිකයන් 30000ක් පමණ සිටින බවයි.

2019 ජනවාරි 16- සිරියාවේ මන්බිජ් නගරයේදී ඇමරිකානුවන් 4 ක් ඇතුළු පුද්ගලයන් 10ක් ඝාතනය වූ අතර එහි වගකීමද ISIS විසින් භාර ගැණින.

2019 මාර්තු 23- සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකාය විසින් ප්‍රකාශයට පත් කළේ ISIS හට සිරියාව තුළ සිය අවසන් බලකොටුව ද අහිමි වී ගිය බවත් සිරියාව තුළ  ISIS පාලනයට තිත තැබූ බවයි.

2019 අප්‍රේල් 21- ශ්‍රි ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන 2ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් දෙකක් ඇතුළු තවත් ස්ථාන දෙකකදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයන් 9කදී පුද්ගලයන් 360කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි විය. ISIS ත්‍රස්ථවාදීන් එහි වගකීමද භාර ගන්නා ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි