×

IS සටන්කාමීන් හී එක්වුණැයි ප්‍රංශ ජාතිකයන් තිදෙනෙක්ට ඉරාක අධිකරණයෙන් මරණ දඩුවම්

මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රොන් විසින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු පැවසුවේ එය ඉරාකයේ ස්වාධිපත්‍ය පිළිබද ප්‍රශ්නයක් යනුවෙනි.


IS ත්‍රස්තවාදීන් හා සම්බන්ධ වීමේ වරදට ඉරාකයේ අධිකරණය මගින් ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකු හට මඍණ දඩුවම නියම කරන ලදී. කෙවින් ගොනොට් , ලියනාඩෝ ලෝපේස්, සලීම් මැකාවෝ යන තිදෙනාද ඇතුළු 12 දෙනෙකු ඇමරිකානු හමුදාව විසින් ඉරාකයේදී හසුකර ගෙන තිබුණේ IS හා සම්බන්ධ වී ඇති පිරිසක් ලෙසිනි.

IS සම්බන්ධ ක්‍රියාකාරිකයන් ලෙස මරණ දණ්ඩනය ලද ප්‍රංශයේ ප්‍රථම පුද්ගලයින් වන්නේද මෙම තිදෙනාය. ඉරාක අධිකරණය විසින් ඊයේ ලබා දුන් මෙම තීන්දුව සම්බ්නධව තවමත් ප්‍රංශයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර මේ සම්බන්ධව පසුගිය පෙබරවාරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රොන් විසින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු පැවසුවේ එය ඉරාකයේ ස්වාධිපත්‍ය පිළිබද ප්‍රශ්නයක් යනුවෙනි.

මානව හිමිකම් සම්බන්ධ සංවිධාන කිහිපයක්ම බරපතල ලෙස මෙම මරණ දඩුවම් සම්බන්ධව විරෝධතා දක්වා සිටියහ. ඔවුන් පවසා සිටියේ මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ඉරාකය විසින් සිදු කිරීම අදාල පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන්ම ඊට අවශ්‍ය පරිවේෂණීය සාක්ෂි ලබා ගැනීම සදහා බෙහෝ විට අධිකරණය තර්ජනාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවද ඔවුන් චෝදනා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි