×

ISIS නායක අල් බග්දාදි ඝාතනය කෙරේ

ඇමරකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ පිළිබදව අද උදෑසන 9ට ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ධවල නියෝජ්‍ය මාධ්‍ය ලේකම් හොගන් ගිඩ්ලි විසින් නිවේදනය කරන ලදී.


ISIS නායක අබු බකර් අල් බග්දාදි ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය සෙනසුරාදා ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ කළ මෙහෙයුමකදී ISIS නායකයා මරා දමා ඇති බව අනාවරණය වේ. ඒ අනුව DNA වාර්තා පැමිණෙන තුරු මේ පිළීබඳව තහවුරු කිරීමට කාලය අවශ්‍ය බව ඇමරිකානු හමුදා පවසයි.

ISIS නායකයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන්නේ ඇමරිකානු හමුදා විසින් සිදු කළ වැටලීමේදී විසින් බෝම්බ සහිත කබායක් පුපුරුවා ගැනීමෙනි. ඔහු සිටිනා තැන නිශ්චිතවම හදුනාගැනීම සදහා CIA සහය ලැබුණු බව ඇමරිකානු හමුදාව පවසයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ පිළිබදව අද උදෑසන 9ට ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ධවල මන්දිර නියෝජ්‍ය මාධ්‍ය ලේකම් හොගන් ගිඩ්ලි විසින් නිවේදනය කරන ලදී.

අල් බග්දාදි ISIS නායකයා පසුගිය වර්ෂ 5ක කාලය තුළ සැඟවී සිටි අතර තමන් අල් බග්දාදි නමින් පවසා ගන්නා පුද්ගලයෙකුගේ වීඩියෝ පටයක් පසු ගිය අප්‍රේල් මාසයේදී ISIS මාධ්‍ය අංශය විසින් නිකුත් කෙරිණ. එය වීඩියෝ ගත කර තිබුණේ පසුගිය ජූලි මස 14 වන දින මෝසුල් පල්ලියේදීය.

2018 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ බග්දාදි 2017 මැයි මාසයේදී ගුවන් ප්‍රහාරයකින් තුවාළ ලබා ඇති අතර ඔහුගේ තුවාල හේතුවෙන් ත්‍රස්ත කණ්ඩායමේ පාලනය මාස පහක් දක්වා අත්හැර දැමීමට සිදු ව ඇති බවයි.

2010 වසරේදී බග්දාදි ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්අයි) නායකයා ලෙස පත්විය. ඔහු 2013 දී සිරියාවේ අල්කයිඩා සහයෝගය ලබන සටන්කාමී කණ්ඩායමක් අන්තර්ග්‍රහණය කරන බව ප්‍රකාශයට පත් කළ අතර ඔහු කියා සිටියේ තම කණ්ඩායම දැන් සිටින්නේ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය (ලෙවන්ට් ලෙස හඳුන්වන) තුළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි