×

ඉදිරි ඉලක්ක කරා ළඟා වීමට ISIS සංවිධානය කාන්තාවන් යොදවයි!

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය (ISIS) මේ දින වල සූදානම් වන්නේ තම ඉදිරි ඉලක්ක කරා ළඟා වීමට කාන්තාවන් යොදා ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය (ISIS) මේ දින වල සූදානම් වන්නේ තම ඉදිරි ඉලක්ක කරා ළඟා වීමට කාන්තාවන් යොදා ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල් සබාහ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අන්දමට, මෑතකදී ඒකාබද්ධ හමුදා සන්නද්ධ අතින් අන්ත පරාජයකට පත්වූ ISIS සංවිධානය කාන්තාවන් පුහුණු කරමින් ඉදිරි ඉලක්ක කරා ළඟා වීමේ සූදානමක් පවතී.

එම වාර්තාවට අනුව, ඉරාක බුද්ධි අංශ ප්‍රධානී අබු අලි අල්-බර්සි ප්‍රකාශ කොට ඇත්තේ, ඉරාකය, ටුනිසියාව හා සිරියාව යන රට වල කඳවුරු තුළ මෙම කාන්තා පුහුණු කිරීම් සිදුවන බවයි. එමඟින් ඉදිරි ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීම සඳහා කාන්තා ප්‍රජාව දිරිමත් කිරීමට අරමුණ වී ඇති බවට ඔහු පවසා තිබේ.

බර්සි ප්‍රකාශ කර සිටියේ, ISIS සංවිධානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියකු මේ වන විට හමුදා ප්‍රහාර හමුවේ ඝාතනය වී ඇති බවත්, එම පුද්ගලයා බටහිර, උතුරු හා නැගෙනහිර සිරියාවේ ත්‍රස්ත ක්‍රියා වලට සෘජුව වගකියන පුද්ගලයා බවත් ය.

ඔහු ISIS සංවිධානයේ නායක අබු බක්ර් අල්-බග්දාදි ගේ සමීපතමයකු බවත්, ඔහුගේ මරණය හමුවේ එම සංවිධානය මුලිනුපුටා දැමීමට තවත් එක් සාර්ථක පියවරක් ගෙන ඇති බවත් ඉරාක බුද්ධි අංශ ප්‍රධානී බර්සි ප්‍රකාශ කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි