×

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල් ප්‍රහාර, 29 ක් මිය ගිහින්!

මෙම ප්‍රහාරය දින හතරක් ඇතුලත පාසල් ගොඩනැගිල්ලකට පහර දුන් සිව්වන අවස්ථාව ලෙස වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිව්වන වරටත් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාසලකට පහර දීමෙන් 29 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

ගාසා තීරයේ ඛාන් යුනිස් අසල අබාසාන් නගරයේ පාසලක් අසලට ප්‍රහාර එල්ල වී ඇත .

ඉන් පිටත කූඩාරම්වල රැඳී සිටි පලස්තීනුවන් 29 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන් වේ.

ඊශ්‍රායලය ඛාන් යූනිස් හා ගාසා නගරයේ ඇතැම් ප්‍රදේශ වලින් ඉවත් වීම සඳහා නියෝග නිකුත් කිරීමෙන් පසුව දස දහස් ගණනක් පලා යමින් සිටින බව වාර්තා වේ,

මේ අතර ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා අද (10) කටාර්හි හා හෙට (10) ඊජිප්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 38,243 ක් මිය ගොස් 88,243 ක් තුවාල ලබා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි