×

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට රටට ඇතුළුවීම තහනම් කරයි

ස්ත්‍රී දූෂකයින්ට සහ මිනීමරුවන්ට පිටුබලය දෙන මහලේකම්වරයෙකු එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ කළු පැල්ලමක් ..


සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය හෙලා දැකීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්හට ඊශ්‍රයලයට ඇතුළුවීම තහනම් කර තිබේ.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ, ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ලද දරුණු ප්‍රහාරය ලෝකයේ ඕනෑම රටක පුරවැසියකු කරනවා මෙන් අවිවාදයෙන්ම හෙලා දැකීමට අපොහොසත් වන ඕනෑම අයෙකුට ඊශ්‍රායල් භූමියට ඇතිලත් වීමට නොහැකි බවත්, ඔක්තෝබර් 7 වැනිදා හමාස් මිනීමරුවන් විසින් සිදු කරන ලද සමූල ඝාතන සහ ලිංගික හිංසනයන් තවමත් හෙළා දැකීමට ගුටේරස් අපොහොසත් වීමත්, හමාස්, හිස්බුල්ලා, හූති සහ දැන් ඉරානයේ ගෝලීය ත්‍රස්තවාදයේ මාතෘත්වයේ සිට ත්‍රස්තවාදීන්ට, ස්ත්‍රී දූෂකයින්ට සහ මිනීමරුවන්ට පිටුබලය දෙන මහලේකම්වරයෙකු එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සිහිපත් කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි