×

ගතවූ මාසය තුළ සිරියානු හා ඉරාක කඳවුරු දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර!

ගතවූ ජූලි මාසය තුළ ඉරාන ජාතීන් ඉලක්ක කර ගත් ප්‍රහාර දෙකක් සිරියාව හා ඉරාකය වෙත එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබේ.


ගතවූ ජූලි මාසය තුළ ඉරාන ජාතීන් ඉලක්ක කර ගත් ප්‍රහාර දෙකක් සිරියාව හා ඉරාකය වෙත එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබේ.

වාර්තා වන පරිදි එක් ප්‍රහාරයක් ඉරාන ජාතීන් වසන ඉරාක කඳවුරු දෙකක් වෙතද, තවත් ප්‍රහාරයක් දකුණුදිග සිරියාවේ පැවති ක්‍රමෝපායික සැලසුම් කඳවුරකටත් එල්ල කර තිබේ.

අල් ෂාර්ක් අල් අව්සත් ප්‍රවෘත්ති සේවය අද (30) දින වාර්තා කළ අන්දමට, පළමු ප්‍රහාරය පසුගිය ජූලි 19 වන දින ඉරාකයේ සැලදින් පළාතේ අම්රෙලි ප්‍රදේශයේ පැවති කඳවුරකට එල්ල කර ඇති අතර ඊශ්‍රායලය මෙයට වගකිව යුතු බවට එරට රාජතාන්ත්‍රික මූලාශ්‍ර තහවුරු කළ බව ද එම ප්‍රවෘත්ති සේවය පවසයි.

එම වාර්තාවට අනුව, ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊශ්‍රායල එෆ්-35 වර්ගයේ මිසයිලයකින් වේ.

අල්-ඇරැබියා ප්‍රවෘත්ති සේවය වාර්තා කළ අන්දමට, මෙම ප්‍රහාරයට මොහොතකට පෙර ඉරානය විසින් නිශ්පාදිත බැලිස්ටික් මිසයිල තොගයක් ශීතකළ ආහාර රැගෙන යන ට්‍රක් රථයක් ඔස්සේ කඳවුර වෙතට ප්‍රවාහනය කර ඇත.

එක්සත් ජනපදය මෙම ක්‍රියාදාමයන් කිසිවකට සම්බන්ධ නොමැති බවට ප්‍රකාශ කර සිටින ලදී.

අල්-ඇරැබියා වාර්තාවට අනුව, මෙම ප්‍රහාරයෙන් හිස්බුල්ලා සාමාජිකයින් රැසක් හා ඉරාන විප්ලවවාදී ආරක්ෂක නිලධාරී (Iranian Revolutionary Guard) ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙවන ප්‍රහාරය පසුගිය සතිය තුළ දකුණුදිග සිරියාවේ පිහිටි ක්‍රමෝපායික සැලසුම් මධ්‍යස්ථානයක් වෙත එල්ල වූ බවද වාර්තා වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි