×

කොරෝනා කැබිනෙට්ටුවක් පිහිටුවීමට ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමති ගෙන් යෝජනාවක්

මේ වන විට ඊශ්‍රායලයේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 25,547 ලෙසට සටහන් වන අතර, මරණයට පත් සංඛ්‍යාව 320 කි.


ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍ය නෆ්තාලි බෙනෙට් මහතා සිවිල් කොරෝනා කැබිනෙට්ටුක් පිහිටුවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරස වසංගත තත්ත්වය තුළ එරට රජය කටයුතු කරන අන්දම පිළිබඳ බෙහෙවින් අප්‍රසාදය පළ කරන බෙනෙට් මහතා අවධාරණය කරන්නේ මෙම කැබිනෙට්ටුව කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි.

මේ වන විට ඊශ්‍රායලයේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 25,547 ලෙසට සටහන් වන අතර, මරණයට පත් සංඛ්‍යාව 320 කි.

රට තුළ වසංගත තත්ත්වය පාලනය කිරීම අතින් රජය අසමත්ව සිටින බව පෙන්වා දෙන හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සිවිල් කොරෝනා කැබිනෙට්ටුවක් ස්ථාපිත කිරීම තුළ මේ පිළිබඳ වැඩි අවධානය යොමුකළ හැකිවන බවයි.

මේ සඳහා ආර්ථික හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥවරුන් පිරිසක් බඳවා ගැනීමට තමා අදහස් කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි