BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඊශ්‍රායලයේ නව අන්තර්වාර අගමැති යෙර් ලැපිඩ් දිව්රුම් දෙද්දී අන්ධකාරයෙන් පැරණි අවතාරයක් මතුවෙයි!

ඊශ්‍රායලයේ අන්තර්වාර ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යෙර් ලැපිඩ් පත්ව තිබේ. ඔහු අග්‍රාමාත්‍ය තනතුරට පත්වන්නේ ඔහුගේ පූර්වගාමියා වන නෆ්තායි බෙනෙට් එම ධුරය හෙබවීමෙන් වසරකට අනතුරුවයි.

ඊශ්‍රායල මධ්‍යවාදී පක්ෂයේ නායක යෙර් ලැපිඩ් නව අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගන්නා අතරම, එළඹෙන නොවැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයට ද සූදානම් වෙයි. මෙම මැතිවරණය ඊශ්‍රායලයේ වසර හතරකට අවම කාලයක් තුළ පැවැත්වෙන පස්වන මැතිවරණය වීම විශේෂත්වයකි.

ඉකුත් සතියේ ඊශ්‍රායලයේ නෆ්තායි බෙනෙට් ප්‍රමුඛ අන්තර්වාර රජය බිඳවැටුණු අතර, රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය සමථයකට පත්කරීමේ අභියෝගය ද ජයගනිමින් එළඹෙන මැතිවරණයට මුහුණ දීමට යෙර් ලැපිඩ් ට සිදුව තිබේ.

එහෙත් ලැපිඩ් ට මුහුණ දීමට සිදුවන තවත් ප්‍රධානතම අභියෝගයක් වන්නේ ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහුයි. ඒ, ඔහු ද එළඹෙන මැතිවරණයට තරඟ වැදීමට සූදානමින් පසුවන නිසාවෙනි.

ඊශ්‍රායලයේ පාලනාධිකාරිය සම්පූර්ණයෙන්ම පාහේ අස්ථාවරභාවයකට පත්වූයේ නේතන්යාහු ගේ පාලනය යටතේ වන අතර, ඔහුගේ පාලනය යටතේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයට ද කිසිඳු විසඳුමක් ලැබුණේ නැත. බහුතර බලය දිනා ගැනීමට අසමත් වූ නේතන්යාහු ධුරයෙන් ඉවත් වූ පසු බෙනෙට් එම ධුරය භාර ගන්නා ලදී.

ලැපිඩ් නව අන්තර්වාර් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ වැඩ භාර ගැනීමත් සමඟ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම නිරාකරණය කර ගැනීමට කැපවන බව ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත්, ඊශ්‍රායලය තුළම මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ ඔහු මෙම අභියෝගය ජය ගනු ඇති ද යන්න ප්‍රශ්ණ සහගත ය.

58 හැවිරිදි ලැපිඩ් දේශපාලඥන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇත.

මේ අතර, එළඹෙන නොවැම්බර් මැතිවරණයට තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටින හිටපු අග්‍රාමාත්‍ය නේතන්යාහු තමා නැවත බලයට පත්වන බවට සපථ කරමින් සිටී.

ඡායාරූප: රොයිටර්


ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

ෂී ජින්-පින් නිවාස අඩස්සියේද ? නිරෝධායනයේද ?

error: Content is protected !!
error: Content is protected !!