×

කොවිඩ් එන්නත්කරණ තරගයේ පළමුවැනියා ඊශ්‍රායලය, දෙවැනියා බහරේනය

ඊශ්‍රායලය එරට ජනතාව අතරින් මිලියනය ඉක්මවූ පිරිසකට එන්නත ලබා දෙයි


 

කොව්ඩි 19 ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා මේ වන විට ලෝකයේ රාජ්‍යයන් කිහිපයක් විසින් එන්නත්කරණ වැඩසටහන් සිය රාජ්‍යයන් වෙත හදුන්වා දෙමින් සිටී.එසේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතරින් වැඩිම පිරිසට එන්නත ලබා දුන් රාජ්‍යලෙස ඊශ්‍රායලය ඉදිරියෙන් සිටී.

ඒ අනුව මේ වන විට ඊශ්‍රායලය එරට ජනතාව අතරින් මිලියනය ඉක්මවූ පිරිසකට එන්නත ලබා දී ඇති බවට වාර්ථා වේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.55 කි. එන්නත්කරණ ක්‍රියාවලිය තුළ වැඩි පිරිසක් වෙත සාර්ථකව එන්නත ලබා දුන් රටවල් අතරේ දෙවැනි ස්ථානය බහරේනයටද තෙවන ස්ථානය එක්සත් රාජධානියටද හිමිව ඇති බව ඒ පිළිබදව තොරතුරු ඉදිරිපත් කිරීම සදහා ක්‍රියාත්මක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මූිකත්වයෙන් ක්‍රියාත්මක Our World in Data,වෙබ් අඩවිය සදහන් කරයි.

Graph showing vaccine doses administered

පසුගිය වසරේ දෙසැම්බර් 19 වන දින ඊශ්‍රායලය විසින් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සිය රාජ්‍ය තුළආරම්භ කරන ලද අතර දිනක් තුළ150 000 දෙනෙකු සදහා එන්නත ලබා දීම සිදු කරයි. එහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින් සහ අවදානම වැඩි පිරිස් වෙත ප්‍රමුඛතාව ලබා දී ඇත. හදුන්වා දී ඇති එන්නත් අතරේ ඊශ්‍රායලයේ අවධානය ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත සදහා යොමු වී ඇති අතර එන්නත ගබඩා කිරීම සම්බන්ධව ලෝකයේ රටවල් රැසකට පහසුකම් නොමැති මුත් සෙල්සියස් අංශක සෘණ 70ට අඩු ගබඩා පහසුකම් සැපයීම සදහා ඊශ්‍රායලයට හැකිවීමත් සමග එරට එන්නත්කරන වැඩ පිළවල මෙසේ සාර්ථක වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි