යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනින් නැවත ගාසා තීරයට!
ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර ඇත.
සටහන: ආශිකා බ්‍රහ්මණ
ජනවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අවතැන් වූ දහස් ගණනක් නැවත උතුරු ගාසා තීරයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊට ඊශ්‍රායලය ඉඩ දී ඇති බව සඳහන්.
ඔවුන්ගේ දේපොළ අති විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙන නමුත් ගාසාව හැර දමා ජිවත් වීමට නොහැකි බැවින් යළි ගාසාවට යන බවයි ඔවුන් පවසා ඇත්තේ.
ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර ඇත.
2023 ඔක්තෝම්බර් 07 ඇරඹි එම ගැටුම් මාස 15කට වැඩි කාලයක් පැවතුණි.