×

මැදපෙරදිග කලාපීය ආරක්ෂාව තර කරන විශේෂ හමුවක් ජෙරුසලමේ!

ලබන සතියේ දිනක ජෙරුසලමේ මැදපෙරදිග කලාපයේ ස්ථාවරභාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වන ඊශ්‍රාල-රුසියානු-ඇමරිකානු ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නේතන්යාහු පැවසයි.


ලබන සතියේ දිනක ජෙරුසලමේ විශේෂ ඊශ්‍රාල-රුසියානු-ඇමරිකානු ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බවත්, එය මැදපෙරදිග කලාපයේ ස්ථාවරභාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වනු ඇති බවත් ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නේතන්යාහු පැවසීය.

පසුගිය අඟහරුවාදා දින එරට ජෆාහි පැවති ඇල්තලීනා ඛේදවාචකයේ වින්දිතයන් අනුස්මරණය කිරීම සඳහා පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

ඊශ්‍රාල අගමැති පවසා සිටියේ මෙම ත්‍රෛපාර්ශ්වික හමුව ඊශ්‍රාලය ජාතීන් සමඟ පවතින සංහිඳියාව මැනවින් ඔප්පු කරනු ඇති බවය.

වාර්තා වන පරිදි, මෙම හමුව ජූනි මස 24 – 26 අතර දිනයක දී පැවැත්වෙනු ඇත. මෙවන් ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමේ වැදගත්කම අගමැති නේතන්යාහු විසින් මුල්මවරට පෙන්වා දුන්නේ, පසුගිය පෙබරවාරි මස ක්‍රෙම්ලින් හීදී සිරියාව තුළ ඉරානයේ පැවැත්ම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමඟ පැවති සාකච්ඡාවක දී ය.

ජූනි මස මුල් කාලයේ ඊශ්‍රාලයේ ධවල මන්දිරයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් ව තිබුණේ, පුද්ගලයන් තිදෙනෙකු විසින් කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටළු සාකච්ඡා කරනු ඇති බවය.

ඇමරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් හා රුසියාවේ එම තනතුර දරන නිකලොයි පැටෘෂෙව් ලබන සතියේදී මේ සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ඊශ්‍රාල ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක මෙයර් බෙන්-ෂැබත් ද මෙයට සහභාගී වීමට නියමිත ය.

ඇල්තලීනා අණුස්මරණ උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, ඊශ්‍රාලය අරාබි රාජ්‍යය තුළ බොහෝ රාජ්‍ය නායකයින් සමඟ කිට්ටු සබඳතා පවත්වන බවත්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා තම රාජ්‍යය අතර පවතින සබඳතාව සුවිශේෂී බවත්, එම සබඳතා වල විවෘත හා රහසිගත ගණුදෙනු දෙකම පවතින බවත් ය.  

ඇල්තලීනා ඛේදවාචකය පිළිබඳ අදහස් දක්වමින් අගමැති නේතන්යාහු පවසා සිටියේ “අප මෙහි රැස්ව සිටින්නේ සත්‍යය ලොවට හෙලිදරව් කිරීමටයි” යනුවෙනි.

1948 වර්ෂයේ ජූනි මාසයේදී, එවකට ඊශ්‍රාල අගමැතිව සිටි ඩේවිඩ් බෙන්-ගුරියොන් ගේ නියෝග පරිදි ඇල්තලීනා නම් අර්ගුන් අවි නෞකාවට වෙඩි පහර එල්ල කළ අතර, එයින් අර්ගුන් යුධභටයින් 16 දෙනෙකු හා අයිඩීඑෆ් යුධභටයින් තිදෙනෙකුත් ජීවිතක්ෂයට පත්විය. එතැන් පටන් ඊශ්‍රාලයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ කැළලක් ලෙස එම සිදුවීම අණුස්මරණය කරන ලදී.

එවකට අර්ගුන් යුධ හමුදාපති ව සිටි මෙනචෙම් බෙගින් සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස උපදෙස් දෙන ලදී. වර්තමාන ඊශ්‍රාල අගමැති නෙතන්යාහු පෙන්වා දෙන්නේ එදින සිදුවූ එම ඛේදවාචකයේ සුලමුල තවමත් හෙළිදරව් වෙමින් පවතින බවත්, ලෝවැසියා දන්නේ සතුරන් විසින් (ගුරියොන් කල්ලිය) රචිත ඉතිහාසය පිළිබඳ අනුවාදය පමණක් බවත් ය.

උත්සවය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ නෙතන්යාහු, “අපගේ මඟියන් ඔවුන්ගේ රාජ්‍යය ආක්‍රමණය කිරීමට පැමිණි සේනාවක් ලෙස දුටු පුද්ගලයන් සිටියා.. ඔවුන් අහිංසක යුදෙව් මිනිස්සු.. දහසක් පමණ මිනිස්සු.. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා යුධ සංහාර වලින් ජීවිත ගලවාගත් මිනිස්සු.. දේශප්‍රේමීන්.. රටට ආදරය කළ මිනිසුන්.. අප අද මෙහි රැස්ව සිටින්නේ ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන්. ඒ වගේම එදා මෙනචම් බෙගින් පැවසූ පරිදිම, කිසිදාක අපට සිවිල් යුද්ධයක් එපා!” යැයි පවසා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි