×

ඊශ්‍රායලය PHILADELPH කලාපයේ බලය තහවුරු කරයි!

කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය ප්‍රතික්ෂේප කරමින් ඊට අදාළ වීඩියෝ දර්ශනද ඉදිරිපත් කර ඇත.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි Philadelph කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බව ඊශ්‍රායලය පවසයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය ප්‍රතික්ෂේප කරමින් ඊට අදාළ වීඩියෝ දර්ශනද ඉදිරිපත් කර ඇත.

ඊජිප්තුව මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ තමන් දේශසීමා උමං විනාශ කළ බවත් ඒ හේතුවෙන් හමාස් සංවිධානය සමඟ කිසිදු ආයුධ හුවමාරුවක් සිදු නොවූ බවයි. ෆිලඩෙල්පි කලාපය කිලෝමීටර 13ක් පුරා දේශ සීමා ඔස්සේ දිව යන අතර එය මීටර් 100ක පළලකින් යුතුවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි