×

ඊශ්‍රායල් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට!

ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක , ජනවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ගාසා තීරයේ උතුරු ජබාලියා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවකයෙකු ඇතුළු සරණාගතයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නමුත්, සාම සාකච්ඡා සම්බන්ධයෙන් එකගතාවයක් ඇතිකර ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කරන අතරතුර ඊශ්‍රායලය තවදුරටත් මෙලෙස තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරන් ලබයි.

මේ අතර, මොසාඩ් රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සාමසාකච්ඡා පැවැත්වෙන කටාර් රාජ්‍යයට පිටත්කර හැරීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි