×

ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට!

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු, පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා


රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු, පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අද (26) අලුයම එල්ල වූ ප්‍රහාර වලන් බව පැවසේ. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රහාරවලින් හානි වූ ගොඩනැගිලි සුන්බුන් ආශ්‍රිතව ද බොහෝ පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. මාධ්‍යවේදීන් පස්දෙනා මියගොස් ඇත්තේ, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් හි අල්-අව්ඩා රෝහල ආසන්නයේදී බව සඳහන් වේ.අදාළ මාධ්‍යවේදීන් පිරිස නුසෙරාට් කඳවුර තුළ සිට වාර්තා කිරීමට පැමිණි ‘Al-Quds Al-Youm’ රූපවාහිනි සේවයේ පිරිසක් බව පලස්තීන මාධ්‍ය වාර්තාවන්ට අනුව පෙන්වා දේ.

තම ගුවන් හමුදා වාහනයට “ඉලක්කගත ආකාරයෙන්” ප්‍රහාර එල්ල කළ බවත්, ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයන් එහි සිටි බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇති බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි