×

ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල වැසේ!

මේ වන විට ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල 69ක් ද කොන්සියුලර් කාර්යාල 23ක් ද ක්‍රියාත්මක වේ.


ඇමරිකාවේ වොෂිංටන් ඩීසී හි පිහිටා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය අද (ඔක්තෝබර් 30) දින පටන් වසා තබන බව එම කාර්යාලය නිවේදනය කොට තිබේ. 

ඒ අනුව වොෂිංටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාල සේවාවන් කිසිවක් අද දින පටන් ක්‍රියා නොකරන අතර, තානාපති කාර්යාල හෝ කොන්සියුලර් පරිශ්‍රයට ඇතුළු වීමද තහනම් බවට එම නිවේදනයේ දැක්වේ.

මෙයට හේතුව වශයෙන් එම තානාපති කාර්යාලය සඳහන් කළේ, මුදල් අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් විසින් එකඟවූ සහ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමට ඊශ්‍රායල මුදල් අමාත්‍යංශය අත්තනෝමතික අන්දමින් ක්‍රියා කර ඇති බවත්, ඒ තුළින් දශක ගණනාවක් පුරා පැවති අන්‍යොන්‍ය අවබෝධය බිඳ දමමින් ඒක පාර්ශ්විකව කටයුතු කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවත් ය.

තානාපතිවරුන්ට ගෙවන ලද වියදම් දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති මෙම ආරවුල සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ හමුදා අනුයුක්ත කිරීම නිසා ලොව පුරා සියලුම ඊශ්‍රායල තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල මෙසේ වසා දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

View this post on Instagram

ANNOUNCEMENT: Due to the decision of the Israeli Ministry of Finance to breach understandings that were agreed upon and signed by the Director General of the Ministry of Finance on July 21, 2019, and to apply a one-sided procedure that alters a protocol that has been in place for several decades, we are forced to close the diplomatic mission. No consular services will be provided and no one will be allowed to enter the Embassy/Consulate. Israeli diplomats are committed at all times to strive to enhance Israel’s strength and resilience. Unfortunately, the decision of the Ministry of Finance does not leave us any choice but to take the above-mentioned action, since the vital interests of the State of Israel have been harmed. We hope that this crisis will be resolved as soon as possible. הודעת הקונסוליה הכללית של ישראל לניו אינגלנד יום רביעי, 30 באוקטובר 2019 בשל החלטת משרד האוצר להפר הסכמות שהושגו ונחתמו על ידי מנכ"ל האוצר ב-21.7.2019 ולהחיל על שליחי המדינה בחו"ל נוהל חד צדדי המשנה נוהל בן עשרות שנים, אנו נאלצים לסגור את הנציגות. לא יינתנו שירותים לקהל ולא תתאפשר כניסה לנציגות. יום יום אנו פועלים לקידום מעמדה וחוסנה של מדינת ישראל. לצערנו, משרד האוצר לא הותיר לנו ברירה שכן הוא פוגע בכלי העבודה החיוניים למדינת ישראל. אנו תקווה כי העניין יוסדר במהרה.

A post shared by Israel in Boston (@israelinboston) on

“2019 ජුලි 21 වන දින මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් එකඟ වූ සහ අත්සන් කරන ලද අවබෝධය උල්ලංඝනය කිරීමට සහ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රොටෝකෝල වෙනස් කරන ඒක පාර්ශවීය ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය ගත් තීරණය හේතුවෙන් අප තානාපති කාර්යාලය වසා දැමීමට අපට සිදුවී ඇත.” එම නිවේදනයේ දැක්වේ.

මෙලෙස ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල වසා දැමීම තුළින් විදේශයන් හි සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයන් හට හානිකර විය හැකිය. එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර හෝ හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය වන අවස්ථාවන් හීදී කොන්සියුලර් සහාය අත්‍යවශ්‍ය වේ.

මේ වන විට ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල 69ක් ද කොන්සියුලර් කාර්යාල 23ක් ද ක්‍රියාත්මක වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි