×

ප්‍රමුඛයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලයේ නිර්මිත අවේක්ෂණ මෘදුකාංගය ”පෙගසස් ”

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිද මෙම ආවේක්ෂණ ඉලක්කයන් අතර වේ.


2016 වසරේ සිට ලෝකයේ සුප්‍රසිද්ධ දේශපාලකයින්, මාධ්‍ය වේදීන් සහ ක්‍රියාකාරීන්ගේ ජංගම දුරකථන වලට රහසින් ඇතුලු වී ඒවායේ තොරතුරු ඉතා රහසිගත ලෙස සොරකම් කරමින් සිටි ඊශ්‍රායාල මෘදුකාංග ආයතනයක් පිළිබද තොරතුරු අද ද ගාඩියන් පුවත් සේවය සහ වොෂිංටන් පුවත් සේවය විසින් අනාවරණය කරන ලදී.

NSO නැමති ඊශ්‍රාල සමාගමක් විසින් නිර්මාණය කරන ලද ප්‍රෙගසස් නමැති මෙම අවේක්ෂණ මෘදුකාංගය ලොවපුරා රටවල් රැසකදී අලෙවිකර ඇති බවට වාර්තා වේ .

මෙම මෘදුකාංගය තොරතුරු අවශ්‍ය පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට රහසිගතව ඇතුළත් කිරීම මගින් එම පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු අවේක්ෂණයට හැකියාව ලැබේ. ද ගාඩියන් පුවත් සේවයට අනුව මෙම මෘදුකාංගය මෙහෙයවා ඇති දුරකථන අංක සංඛ්‍යාව 50000කට අධික ය.
වොෂිංටන් පෝස්ට් වාර්තා කළේ රාජ්‍ය නායකයින් සහ අගමැතිවරුන්, අරාබි ජාතික රාජකීය පවුල්වල සාමාජිකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දේශපාලකයින් මෙන්ම ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන්ද මෙම ලැයිස්තුවට අයත් බවයි.
මෙම මෘදුකාංගයෙන් වින්දිතයින් බවට පත්ව ඇති පුද්ගලයින් පිළිබඳව අනාවරණය කරනු ලැබූ ලොව පුරා මාධ්‍ය කණ්ඩායම් සංඛ්‍යාව 17 කි. වෝල් ස්ට්‍රීට් ජර්නල්, සීඑන්එන්, ද නිව් යෝර්ක් ටයිම්ස්, අල් ජසීරා, රේඩියෝ ෆ්‍රී, මීඩියාපාර්ට්, ඇසෝසියේටඩ් ප්‍රෙස්, රොයිටර් සහ බ්ලූම්බර්ග්, ආදී මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය වේදීන් ඒ අතර වන බව ගාඩියන් සදහන් කරයි.

මෙම මෘදුකාංගයෙන් වින්දිතයින් බවට පත්ව ඇති පුද්ගලයින් පිළිබඳව අනාවරණය කරනු ලැබූ ලොව පුරා මාධ්‍ය කණ්ඩායම් සංඛ්‍යාව 17 කි.

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිද මෙම ආවේක්ෂණ ඉලක්කයන් අතර වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි