×

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට නෙතන්යාහුට ආරාධනා

.


රජයක් පිහිටුවීම සඳහා ඊශ‍්‍රායල් ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ආරාධනා කරනු ලැබිය.

පසුගියදා පැවති ඊශ්‍රායල මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සිය ජයග්‍රහණය තහවුරු කිරීමට නොහැකි විය. පැවති මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂයට ආසන 32 ක් හිමිවූ අතර බ්ලු ඇන්ඩ් වයට් පක්ෂය ආසන 33ක් හිමිකර ගන්නා ලදී. ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120කි.

සන්ධාන රජයක් පිහිටුවීමට බෙන්ජමින් නෙතන්යාහු සහ බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂ නායක බෙනි ගාන්ට්ස් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමග එරට ජනපති වරයා මෙසේ නෙතන්යාහු හිටපු අගමැතිවරයාට නැවත නව රජයක් පිහිටුවීමට ආරාධනා කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි