සටහන: සශිකලා මධුෂාණි, ජුනි 08,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍ය Benny Gantz නෙතන්යාහුගේ රජයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වේ.
නෙතන්යාහුගේ ප්රබලතම දේශපාලන ප්‍රතිවාදියා ලෙස හිටපු හමුදාපතිවරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ Gantz ජාතික අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන කරුණු පසෙකින් තබා ඔක්තෝබර් 7 වැනිදායින් පසු නෙතන්යාහුගේ යුධ කැබිනට්ටුවට එක්විය.
පාර්ලිමේන්තුවේ ආසන 120 න් 64 ක් පාලනය කරන නෙතන්යාහුගේ පාලන සභාගයට Gantz ගේ මධ්‍යවාදී පක්ෂයේ ඉවත්වීම ක්ෂණික තර්ජනයක් නො විය හැකි අතර ජාත්‍යන්තර හා දේශීය පීඩනය වැඩි වෙමින් පවතින අවස්ථාවක Gantz ගේ පිටුබලය අහිමිවීම නෙතන්යහුට බලවත් තර්ජනයක් වනු ඇත.
දේශපාලන විශ්ලේෂකයින්ට අනුව, Gantzගේ ඉවත්වීම නවතම සටන් විරාම ප්‍රයත්නවල සාර්ථකත්වයේ සීමිත අපේක්ෂාවන් පෙන්නුම් කෙරෙන අතර ඔවුන්ට අනුව සටන් විරාම ප්රයත්න සාර්ථකනම් Gantz ආණ්ඩුවේ රැඳී සිටිනු ඇත.