×

දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති විපක්ෂයට එක්වීමේ සූදානමක්!

එය අප්‍රිකා ජාතික කොංග්‍රසය ප්‍රමුඛ පාලන සභාගයට එරෙහිව ක්‍රියා කරන බව ඔහු පැවසූ බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා එරට විපක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහුගේ දේශපාලන පක්ෂය වන එම්.කේ. පක්ෂය එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ සන්ධානයට එක්වන බව ,දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා පවසා ඇත.

එය අප්‍රිකා ජාතික කොංග්‍රසය ප්‍රමුඛ පාලන සභාගයට එරෙහිව ක්‍රියා කරන බව ඔහු පැවසූ බව වාර්තා වේ.

වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු ප්‍රථම වතාවට අප්‍රිකා ජාතික කොන්ග්‍රසයට සම්පූර්ණ බහුතරය මෙවර මැතිවරණයේදී අහිමි වී ගිය අතර, පසුව කුඩා පක්ෂ කිහිපයක් ද එකතු වී නව ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා තේරී පත්වුණු අතර, ඔහු තවමත් රජයක් පිහිටුවා නැති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි