×

ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි

ඒකාධිපති බලය, මිලිටරිවාදය, විරුද්ධත්වය බලහත්කාරයෙන් මර්දනය කිරීම, ස්වාභාවික සමාජ ධුරාවලියක් කෙරෙහි විශ්වාසය, ජාතියේ යහපත සඳහා පුද්ගල අවශ්‍යතා යටපත් කිරීම ෆැසිස්ට් වාදයේ මුලික ලක්ෂන අතර වන හෙයින් මෙලොනිගේ බලයට පැමිණිම ඉතාලියේ පමණක් නොව සමස්ත ලෝකයේම දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් කරනු ඇත.


ඉතාලියේ පශ්චාත් යුධ ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඩිකල් දක්ෂිණාංශික ආණ්ඩුවක් ගෙන ඒමට ඉඩ ඇති මැතිවරණයක් අද දින පැවැත්වෙමින් ඇත.

මැතිවරණයේදී ප්‍රධන පක්ෂ තුනක් යටතේ සංවිධානයව ඇති ඉතාලියේ බ්‍රදර්ස් ඔෆ් ඉතාලි පක්ෂය ජයග්‍රහණය කරන්නේ නම් ඉතාලියේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවනු ඇත. ඇය අන්ත දක්ෂිණාංශික ඉතාලි ජාතිවාදී ජෝර්ජියා මෙලෝනිය. බොහෝ විචාරකයන් මේ පිළිබඳ පුරෝකතනය කරන්නේ ලෝකයේ දක්ෂිණාංශිකම රාජ්‍ය ඇය සමඟ බිහිවනු ඇති බවයි.

ඉතාලියේ බ්‍රදස් ඔෆ් ඉතාලි පක්ෂය සමඟ එන්රිකෝ ලෙට්ටාගේ නායකත්වයෙන් යුත් මධ්‍ය වාම මැතිවරණයේදී කරට කර තරඟ කරනු ඇති බව පැවසේ. මෙම පක්ෂ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ හා සම කළ නොහැකි දර්ශන දෙකක් වන අතර ඡන්ද දායකයාට තියුණු තේරීමක් කිරීමට අවස්ථාව පවතිනු ඇත. කෙසේ නමුත් ඉතාලියේ නව අගමැතිවරයා පිළිබඳ කරන ලද සමීක්ෂණයන්ට අනුව සෑම හතුර දෙනෙකුගෙන්ම එක් අයෙකු මෙලෙනිගේ නායකත්වය අපේක්ෂා කරන බව පැවසේ.

මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්වභාවයට අනුව නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ රෝමයට දකුණින් පැයක්, ලැටිනා නගරයේ,සිට අන්ත දක්ෂිනාංශයට වමේ සිට නගරය අල්ලා ගත හැකි බවයි. ෆැසිස්ට් නායක බෙනිටෝ මුසෝලිනි විසින් 1932 දී ආරම්භ කරන ලද ලැටිනාව අදට ද ෆැසිස් ලක්ෂණ දරන බව පැවසේ.

මෙලෝනිගේ පැහැදිලිවම ගබ්සාවට හා සම ලිංගින විවාහයන්ට විරුද්ධ වේ. පසුගියදා පැවැති රූපවාහිණී වැඩසටහනකදී ප්‍රකාශ කර තිබුණේ තමා විසින් සම ලිංගික දරුවකු බිහි නොකරන බවයි. ඇය අවස්ථා ගණනාවකදී නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට අනුග්‍රහය දැක්වීම සඳහා ඉතාලි රජයේ ප්‍රවේශය විවේචනය කර ඇති අතර මෙලෝනි යුරෝපීය නොවන සංක්‍රමණිකයන් පිළිගැනීමට සහ බහු සංස්කෘතිකවාදයට විරුද්ධ වේ. ඇගේ පාක්ෂිකයන් බහුතරයක් දෙනා කතෝලික සාරධර්ම සඳහා දැඩි ලෙස කැපවී සිටියි.


මෙම හදිසි මැතිවරණය පැමිණෙන්නේ අගමැති මාරියෝ ඩ්‍රාගිගේ ජාතික එක්සත් ආන්ඩුව ජූලි මාසයේදී බිඳ වැටීමෙන් අනතුරුවය. විවිධ දේශපාලනික ව්‍යාකූලතාවයන් මැද මෙවර ජන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කරනු ඇත්තේ දැඩි බලශක්ති අර්බුදයක් මධ්‍යයේය. රුසියාවේ ගෑස් සැපයුම සීමා වීමත් සමඟ ඉතාලියේ බලශක්ති බිල්පත් වේගයෙන් ඉහළ යමින් ඇත. නිවාස හිමියන් සහ ව්‍යාපාර සඳහා බිල්පත් ඉහළ ගොස් ඇත.මේ වන විට පෙර නොවූ විරූ ලෙස ඉතාලියේ උද්ධමනය ඉහළ ගොස් ඇති අතර රට ව්‍යුහාත්මක, සංස්කෘතික සහ ජන විකාශන ගැටළු වලින් අඩාල වී ඇත. තරුණ ඉතාලි ජාතිකයින්ගෙන් බහුතරයකට රැකියාවේ, අධ්‍යාපනයේ හෝ පුහුණුවක් නැත. යුරෝපීය මධ්‍යම බැංකු පද්ධතිය විසින් පසුගියදා පොලී අනුපාතය බින්දුවේ මට්ටමේ සිට 0.75% දක්වා ඉහළ දමා ඇත. ඊට අමතරව ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පුරෝකතනයද කර ඇත. මේත් සමඟ මෙලෝනි මහත්මිය කෙසේ කටයුතු කරයිද යන්න පිළිබඳව ආර්ථික විද්වතුන් සැක පලකර තිබේ.

ඒකාධිපති බලය, මිලිටරිවාදය, විරුද්ධත්වය බලහත්කාරයෙන් මර්දනය කිරීම, ස්වාභාවික සමාජ ධුරාවලියක් කෙරෙහි විශ්වාසය, ජාතියේ යහපත සඳහා පුද්ගල අවශ්‍යතා යටපත් කිරීම ෆැසිස්ට් වාදයේ මුලික ලක්ෂන අතර වන හෙයින් මෙලොනිගේ බලයට පැමිණිම ඉතාලියේ පමණක් නොව සමස්ත ලෝකයේම දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් කරනු ඇත.

අද දින පැවැත්වෙන මැතිවරණය පිළිබඳ ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රතිඵල හෙට දිනයේදී නිවේදනය කිරීමට නියමිත අතර ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ දින නියමයක් නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි