×

දරුවන් 51 දෙනෙකු සමග පැහැර ගත් බස් රථයක් ගිනිතබද්දී මුදා ගැනේ.

ඉතාලි රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති කෙරෙහි උරණ වීම හේතුවෙන් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.


ඉතාලියේ පාසැල් දරුවන් 51 දෙනෙකු රැගත් පාසැල් බස් රථයක් පැහැර ගත් පුද්ගලයෙකු එහි දරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් ඔවුන් සියල්ලන්ද සමග බස් රථයට ගිනි තබා ඇත.

ඇතැම් දරුවන් බස් රථය තුළ ගැට ගසා ඔවුන්ට මෙසේ බස් රථයට ගිනි තබා තිබුණද එරට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක වී සියළු දරුවන් බේරාගෙන ඇති බව වාර්ථාවේ. ඉතාලියේ ප්‍රවෘත්ති අංශ විසින් පවසන්නේ මෙම පුද්ගලයා සෙනගාලයේ සිට ඉතාලියට පැමිණි සංක්‍රමණිකයෙකු බවයි. ඉතාලි රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති කෙරෙහි උරණ වීම හේතුවෙන් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

ගින්නෙන් කිසිදු දරුවෙකුට විශාල හානියක් සිදු නොවී ඇති අතර දුම සහ උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ අනතුරු නිසා ඇතැම් සිසුන් රෝහල් ගත කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි