×

ජපානය, ඉතාලිය හා එක්සත් රාජධානිය එක්ව විශේෂිත ප්‍රහාරක ජෙටි යානා සංවර්ධන කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් අරඹයි.

මෙම සහයෝගීතාවය Global Combat Air Program (GCAP) ලෙස හැඳින්වේ.


දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජපානය මුල් වරට ඉතාලිය හා එක්සත් රාජධානිය සමඟ එක්ව ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා සංවර්ධන කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘති සැලැස්මක් නිවේදනය කර තිබේ.

මෙම සහයෝගීතාවය Global Combat Air Program (GCAP) ලෙස හැඳින්වේ.


මෙහිදී එක්සත් රාජධානියේ Future Combat Air System ව්‍යාපෘතිය, ජපානයේ F-X වැඩසටහන සමඟ ඒකාබද්ධ කිරීමෙන්, 2035 වන විට උසස් ඉදිරි පෙළ ප්‍රහාරක ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීම මෙම ගනුදෙනුවේ අරමුණ බව රටවල් තුන අද දින(09) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.


මෙම ගිවිසුම පැමිණෙන්නේ චීනය තායිවානය වටා මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කිරීමත්, උතුරු කොරියාව විසින් දිගින් දිගටම අනවසරයෙන් බැලස්ටික් මිසයිල දියත් කිරීමත් නුදුරේම ඔවුන් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලාවි යන කනස්සල්ලත් සමඟය.


සාමවාදී ව්‍යවස්ථාවක් ඇති ජපානය, ඉදිරි වසර පහ තුළ සිය ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2ක් දක්වා දෙගුණ කිරීමට අපේක්ෂා කරන බව දැනටමත් නිවේදනය කර තිබේ.

යුරෝපය, නේටෝ සහ ආසියා පැසිෆික් කලාපයේ අන්තර් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් රාජධානිය සහ ඉතාලිය හා ජපානය යන සිය මිත්‍ර පාක්ෂක හවුල්කරුවන් සමඟ ජපානයේ ආරක්ෂක සහයෝගීතාවයට සිය සහයෝගය ලබා දෙන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි