×

දේශගුණික විපර්යාස පිළිබඳව හැදෑරීම අනිවාර්ය කළ ලොව ප්‍රථම රාජ්‍ය බවට ඉතාලිය පත්වේ

අනාගත පුරවැසියන් දේශගුණික හදිසි අවස්ථාවක් සදහා සූදානම් කරවීම මෙහි අරමුණක් බව ඔවුන් පවසයි.


දේශ ගුණික විපර්යාස සහ තිරසාර බව පිළබද විෂය සියලු පාසැල් සිසුන්ට අනිවාර්ය විෂයක් බවට පත් කළ ප්‍රථම රට බවට ඉතාලිය පත් විය.

ඒ පාරිසරික අධ්‍යාපනය පිළිබදව ලෝකයේ පෙරමුණ ගැනීමේ උත්සහයත් සමගිනි. ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය ලොරෙන්සෝ ෆියොරාසෙමාන්ටි ප්‍රකාශ කරන ලද්දේ ඉතාලියේ රජයේ පාසැල් වල දේශගුණික විපර්යාස සහ තිරසාරත්වය පිළිබදව විෂයන් වසරට එක් සිසුවෛකු පැය 33ක් හැදෑරිය යුතු බවයි.


අනාගත පුරවැසියන් දේශගුණික හදිසි අවස්ථාවක් සදහා සූදානම් කරවීම මෙහි අරමුණක් බව ඔවුන් පවසයි. භූගෝල විද්‍යාව . ගණිතය , භෞතික විද්‍යාව වැනි සාම්ප්‍රදායික විෂයන් තුළදීත් සිසුන් තිරසාර සංවර්ධනය පිළිබදව හදාරනු ලබයි. නමුත් මින් ඉදිරියේදී එම විෂයන් තුළද දේශ ගුණික විපර්යාසයන් පිළිබද පාඩම් ඇතුලත් වනු ඇති බව එරට රජය පවසයි. අධ්‍යාපන ඇමති වරයා වන ලොරෙන්සෝ ෆියොරෙසෙමාන්ටි දකුණු අප්‍රිකාවේ ප්‍රෙඨෝරියා විශ්ව විද්‍යාලයේ ආර්ථක විද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු මෙම නව පියවරයන් පිළිබදව රොයිටර් පුවත් සේවයට පවසන්නේ තිරසාරභාවය සහ දේශ ගුණික විපර්යාස යන විෂයය අධ්‍යාපන ආකෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සදහා උත්සහා ගන්නා බවයි.

”දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයේ සෑම අංශයක්ම පරිසරය පිළිබද දැනුම සමග බද්ධ කරන ප්‍රථම අධ්‍යාපන ක්‍රමය ඉතාලියේ බිහි කර්න්නට මට අවශ්‍යයි.. මේ වෙනුවෙන් ජාතික අධ්‍යාපන විශය මාලාව නැවත සකස් කිරීම සදහා කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තිරසාර අධ්‍යාපනය පිළිබද ආචාර්ය වරුන් සහ තවත් බුද්ධිමත් මණ්ඩලයක සහය ලබා ගැනීමට ඔවුන් සූදානමින් සිටී. ”

දේශගුණික විපර්යාස පිළිබදව අනිවාර්ය අධ්‍යාපනයක් ආරම්භ වන පළමු අවස්ථාව මෙය බවට අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ෆියෝරාමොන්ටි අධ්‍යාපන ඇමති ධුරයට පත්වූ දා සිට, දේශගුණික විපර්යාසයන්ට විරෝධය පළ කරමින් පංති වර්ජනය කරන සිසුන්ට සහාය දීම සහ ප්ලාස්ටික් හා සීනි සහිත බීම සඳහා බදු අය කිරීම සම්බන්ධයෙන් එරට දක්ෂිනාංශික විරුද්ධ පක්ෂ විසින් දරුණු ලෙස විවේචනයට ලක්විය. නමුත් මේ වන විට ඔහු ඉතාලියේ අධ්‍යාපන ක්‍රමය පරිසරය මුල් කරගත් ලොව ප්‍රථම අධ්‍යාපන ක්‍රමය ඉවට පත් කිරීමට සමත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි