×

නවසීලන්ත මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩෙන් ජයගනියි!

නවසීලන්තයේ අද දින පැවැත්වූ මහමැතිවරණයෙන් අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ජයගත්තාය.


ආර්ඩෙන්ගේ ලේබර් පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙයට හේතු වූ බව විචාරකයන්ගේ මතයයි.

ඇයගේ ප්‍රතිවාදියා බවට මේ මහමැතිවරණයේදී පත්ව සිටියේ ද කාන්තාවකි. ඇය ජාතික පක්ෂයේ ජූඩිත් කොලින්ස් ය. විපක්ෂ නායිකාව ද වන ඇය සමග ජසින්ඩා ට තියුණු තරගයක් තිබූ බව මීට පෙර කියැවී තිබිණි.

‘‘නවසීලන්තය යථා තත්වයට පත් කළ හැකි බවට මා ගැන විශ්වාසය තැබූ අයට ස්තූතියි..‘‘ යනුවෙන් නවසීලන්ත අගමැතිනිය සිය ජයග්‍රහණය පිළිබඳ පැවසුවාය.

‘‘ඡන්ද තියෙන්න ඕනෙ ජනතාව බෙදා වෙන් කරන්න නෙවෙයි.‘‘ යනුවෙන් ද ඇය පැවසුවාය.

‘‘නමුත් ඒ ජනතා සහයෝගය අපි කිසිම විදිහකින් සුළුකොට තකන්නේ නැහැ..‘ – “We will not take your support for granted.‘‘

යනුවෙන් ද ඇය, රටක බහුතර බලය ලබාගත් පක්ෂයකට ඉන්පසු සිදුවිය හැකි නරකම දේ ගැනත් කතා කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි