×

නවසීලන්ත අගමැතිනී ජෙසින්ඩා ධූරයෙන් ඉවත් වේ.

ලෝකයේ මුල් වරට දේශසීමාවන් පාලනය කරමින් ඇය වෛරසය සිය රට තුළ තුරන් කිරීමට සමත් විය.


නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩර්න් ඊයේ(19)දිනයේදී නේපියර් හි වාර්තාකරුවන්ට පවසා තිබුණේ පෙබරවාරි 7 ඇයගේ කාර්යාලයේ අවසාන දිනය බවයි. ඒ අනුව ඇය ලබන මාසයේ ඉල්ලා අස්වීමට නියමිත වන අතර මේ වසරේ ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් තරඟ නොකරනු ඇත.

මීළඟ කම්කරු නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඉරිදා පැවැත්වෙන බවත්, එම ඡන්දයෙන් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ඇය මෙහිදී වැඩිදුරටත් පවසා තිබිණි. මේත් සමඟම වත්මන් මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන නවසීලන්ත නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මීළඟ කම්කරු නායකයා ලෙස පෙනී සිටින බවයි.

2017 දී සභාග ආන්ඩුවක අගමැති වූ ජෙසින්ඩා, ඇගේ ලිබරල් ලේබර් පක්ෂය ජනතාව අතරට ගෙන යාමට සමත් විය. COVID-19 වසංගතයට එරෙහිව ඇය විසින් ගෙන ගිය සටන ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක් විය. ලෝකයේ මුල් වරට දේශසීමාවන් පාලනය කරමින් ඇය වෛරසය සිය රට තුළ තුරන් කිරීමට සමත් විය. නමුත් නව ප්‍රභේද මතු වීමත් එන්නත් ලබා ගැනීමට හැකි වීමත් සමඟ ඇය සිය ශුන්‍ය ඉවසීමේ උපාය මාර්ගයන් අතැර දැමීය. දැඩි උපාය මාර්ගයන් ගැනීම සම්බන්ධයෙන් ජෙසින්ඩා විටෙක චෝදනාවට ද ලක් විය.

අවසාන වශයෙන් අගමැතිවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, සිය භූමිකාවේ වගකීම බැරෑරුම් බවත්, ඒ වෙනුවෙන් තමාට කළ හැකි දේ කළ බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි