×

සිරගත කළ රුසියානු විපක්ෂ නායක රෝහල් ගත කරයි

රෝගයට හේතුව රසායනිකයක්දැයි සැකයක්


අනුමැතිය නොලත් විරෝධතාවක් සදහා මූලිකත්වය දීම මුල් කරගෙන දින 30ක් සදහා සිර ගත කළ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නී රෝහල් ගත කළ බව රුසියානු මාධ්‍ය පවසයි.

ඒ ඔහු හට යම් ආසාත්මික තාවයක් ඇති වීම හේතුවෙනි. නමුත් ඔහුගේ අක්ෂී වෛද්‍යවරයා පවසා ඇත්තේ නවාල්නිගේ ඇස්වලට යම් රසායනිකයක් ඇතුල් වී ඇති බවයි.
මෙම විරෝධතාවයේදී නවාල්නිද ඇතුළු 1000 ට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. මේ සම්බන්ධව යු‍රෝපා සංගමය විවේචන ඉදිරිපත් කර තිබූ අතර මෙය පුද්ගලයන්ගේ අදහස් දැක්වීමේ නිදහස අහිමිකිරීමක් ලෙස හදුන්වන ලදී,

ඇලෙක්සෙයි නවාල්නි වෙනුවෙන් අදහස් දැක්වූ ඔහුගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මීට පෙර කිසි දිනක නවාල්නි හට කිසිදු අසාත්මික තාවක් ඇතිවී නැති බවත් කිසියම් හෝ රසායනික ද්‍රව්‍යයකට ඔහුව නිරාවරණය වීමෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවට සැක කරන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි