×

බොල්සොනාරෝ, ලූලාට සුබ නොපතාම බ්‍රසීලයෙන් ෆ්ලොරිඩාවට

බොල්සොනාරෝ ප්‍රකාශ කර තිබුණේ සමාරම්භක උත්සවයේදී ලූලාට ජනාධිපති ඇඳුම ලබා දීමට තමාට අවශ්‍ය නොවන බවයි.


බ්‍රසීලයේ පසුගිය ඔක්තෝම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නව ජනාධිපති වශයෙන් හෙට දිනයේ දී පදවි ප්‍රාප්තිය ලබන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ උත්සවය මගහැර ෆ්ලොරිඩාහි ඔර්ලන්ඩෝ වෙත ගොස් ඇති බව වාර්තා වේ.


බොල්සොනාරෝ ඊයේ දිනයේදී බ්‍රසීලයෙන් පිටත්ව ගොස් ඇති අතර, සිය අනුගාමිකයන් අමතමින් හිටපු ජනාධිපති බොල්සනාරෝ ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය පරාජය වූ නමුත් යුද්ධය අවසන් නොවන බවයි. එමෙන්ම බොල්සොනාරෝ නැවත නැවතත් ප්‍රකාශ කර තිබුණේ සමාරම්භක උත්සවයේදී ලූලාට ජනාධිපති ඇඳුම ලබා දීමට තමාට අවශ්‍ය නොවන බවයි.


මේ වන විට බ්‍රසීලයේ උප ජනාධිපති හැමිල්ටන් මුරාඕ තාවකාලිකව රටේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර, නව ජනාධිපතිවරයා වශයෙන් ජනවාර් 01වන දින වාමාවාදී ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වැඩ භාර ගැනීමට නියමිතය. මේ වන බොල්සනාරෝගේ ආධාර කරුවන් විසින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ආරම්භ කර ඇති හෙයින් අගනුවර ගිණිඅවි තාවකාලිකව තහන්ම් කර ඇත.


මීට අමතරව බොහෝ විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ බොල්සනාරෝගේ ජනාධිපති මුක්තිය අවසන් වීමත් සමඟ නීතිමය අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි. එනම් රහස්‍ය තොරතුරු මුදා හැරීම සහ පොලිස් පරීක්ෂණයකට අනිසි ලෙස මැදිහත් වීම යන චෝදනා සම්බන්ධයෙන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි