×

නීතියේ අධිකාරය අන්තවාදීන්ට වඩා විශාල බව බ්‍රසීලය උගන්වමින් ඇත.

ජනවාරි 8 වන දින සිදුවීම 1980 ගනන්වල බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත පැමිණීමෙන් පසු එහි ආන්ඩුවට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙසද නම් කර ඇත.


ජනවාරි 8 ප්‍රහාරය හෙවත් වාමවාදී ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාගේ පදවි ප්‍රාප්තියට විරෝධය දැක්වීමට අන්ත දක්ෂිනාංශික ‌ජෙයාර් බොල්සනාරෝගේ හිතවාදීන් සිය ගනනක් කොංග්‍රසය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ප්ලැනල්ටෝ ජනාධිපති මන්දිරය යන ආන්ඩුවේ ශාඛා තුනක් නියෝජනය කරන ගොඩනැගිලි වලට කඩා වැදී සිදු කළ හානිය සම්බන්ධයෙන් මේ වන විට බ්‍රසීලයේ පුළුල් විමර්ශනයක් ඇරඹී ඇත.

එහි වත්මන් තත්වය පිළිබඳ විමසීමේදී බ්‍රසීලයේ ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ජනවාරි 8 වැනිදා බ්‍රසීලියාවේ රජයේ ගොඩනැගිලිවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ බෑණනුවන් පිළිබඳ විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

Leonardo Rodrigues de Jesus නොහොත් Leo Índio, Bolsonaro ගේ නිවසේ හදිසි වැටලීමක් ඊයේ(27)දිනයේදී සිදු කර තිබිණි. මේ පිළිබඳ සඳහන් කරමින් බ්‍රසීලයේ අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ ටුවිටර් හි පල කර තිබුණේ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු 11 ක් සහ සෝදිසි සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු 27 ක් නිකුත්කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින්, බොල්සොනාරෝ හිතවාදී ආධාරකරුවන් අතර වැරදි තොරතුරුවලට සම්බන්ධ ටෙලිග්‍රාම් ගිණුම් මිලියන 1.2ක් වෙනුවෙන් බ්‍රසීලියානු රීයිස් (ඩොලර් 234,865) දඩයක් නියම කර තිබේ.

එමෙන්ම ජනවාරි 8 ප්‍රහාරය ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා විසින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, මෙය 1980 ගනන්වල බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත පැමිණීමෙන් පසු එහි ආන්ඩුවට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.

බොල්සොනාරෝ හිතවාදී ආධාරකරුවන්ගේ කඳවුරක් ඉවත් කිරීමට රජයේ නියෝගවලට කීකරු වීමට අපොහොසත් වීම නිසා ජනවාරි 21 වන දින ජනාධිපතිවරයා හමුදා ප්‍රධානියෙකු වන ජෙනරාල් ජුලියෝ සීසර් ද අරුඩා සේවයෙන් පහ කරනු ලැබීය. එමෙන්ම මීට සම්බන්ධ සියලුම දෙනාට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා තහවුරු කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි