×

සරම්ප රෝගය නිසා ජපානයට කරදර

රෝගය සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැති බව විශ්වාස කිරීම මෙයට හේතුවයි.


සරම්ප රෝගය හේතුවෙන් මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට ජපානය මේ දිනවල මුහුණ දෙමින් සිටී,

මෙම වසර මුල සිට සරම්ප රෝගීන් 170කට වැඩි ප්‍රමාණයක් ජපානයෙන් වාර්ථා වී ඇති අතර ඒ අතරින් වැඩි පිරසක් අනාවරණය වී ඇත්තේ මධ්‍යම ජපානයේ මියී දිස්ත්‍රික්කයෙන් සහ ඔසාකා දිස්ත්‍රික්කයෙනි.

මෙම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ක්‍යුසෙයි ෂින්ක්යෝ ආගමික කණ්ඩායමේ සාමාජිකයින් අතරයි. ඔවුන් මෙම රෝගය සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැති බව විශ්වාස කිරීම මෙයට හේතුවයි.
මේ වන විට ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් කිරීමේ වැඩපිළිවළක් රට පුරා ක්‍රියාත්මක කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි