×

රැජිණගේ අවමඟුලට ජපානයේ අගමැති යන්නේ නෑ ලු!

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජපාන රාජකීය පවුල සහභාගීවීමට නියමිතයි..


ඉකුත් සැප්තැම්බර් 08 වන දින මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යය වැඩිම කලක් පාලනය කළ දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය එළඹෙන සැප්තැම්බර් 19 වන දින පැවැත්වීමට නියමිත අතර, එදින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කර තිබේ.

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට එක් රටකින් නියෝජිතයන් දෙදෙනෙකු බැගින් පැමිණෙන මෙන් ආරාධනා ලැබී ඇති අතර, ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද මීට සහභාගී වීමට නියමිත ය.

මේ අතර, ජපාන පුවත් සේවයක් වන කියෝදෝ වාර්තා කර සිටින්නේ, දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට එරට අධිරාජ්‍යයා වන නරුහිතෝ සහ අධිරාජණිය මසාකෝ සහභාගී වන මුත්, එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා සහභාගී නොවන බවයි.

එක් රටකින් නියෝජිතයන් දෙදෙනෙකුට සහභාගී වීමට ආරාධනා ලැබී ඇති පසුබිමක, ජපානයේ අග්‍රාමාත්‍යවරයා වෙනුවට එරට අධිරාජ්‍යයා සහ අධිරාජණිය සහභාගී වීමට නියමිත බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි