×

ජපානයේ මොඩර්නා එන්නතේ අපද්‍රව්‍ය! – භාවිතය වහාම අත්හිටුවයි!

ජපානයේ මොඩර්නා එන්නත් තුළ අපද්‍රව්‍ය අංශු තිබෙන බවට පළ වූ සැකයක් හේතුවෙන් එන්නත් මාත්‍රා මිලියන 1.63 ක් භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.


මෙසේ සිදුකර තිබෙන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බව ද සඳහන්.

මෙම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ Takeda Pharmaceutical Co. නමැති ජපන් බහුජාතික සමාගමක් විසිනි.

භාවිතා නොකළ එන්නත් මාත්‍රා 39 කින් මෙම අපද්‍රව්‍ය හමුවී ඇති බව සඳහන්. එම අපද්‍රව්‍ය කොටස් මිලිමීටර දෙක තුනක විශාලත්වයකින් යුතු වන අතර, එහි අන්තර්ගතය කුමක්දැයි තවම ප්‍රකාශ වී නැත.

මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙස ඇමරිකාවේ මොඩර්නා මව් සමාගම, සිය ජපන් බෙදා හරින්නා වන තකේඩා සමාගමෙන් ඉල්ලීමක් ද කර ඇත.

අත්හිටුවීමට ලක් කළ එන්නත් මාත්‍රා මිලියන 1.6 හැරුණු විට සෙසු එන්නත්වලත් යම්කිසි අසාමාන්‍යතාවයක් පෙනේ නම්, ඒවා භාවිතා නොකරන ලෙසට ද මොඩර්නා මව් සමාගම ඉල්ලීමක් කරයි.

මේ අතර ස්පාඤ්ඤයේ ද මෙම එන්නත මෙම සමාගමේ නිෂ්පාදනය කිරීම පිළිබඳව මේ වන විට අවධානය යොමු ව ඇත. මෙම එන්නත්, රට පුරා වැක්සින් මධ්‍යස්ථාන 863කට බෙදා හැර ඇති අතර, ඒවා භාවිතා නොකරන ලෙසට වහාම දැනුම් දෙනු ලැබිණි.

2022 වසරටත් අවශ්‍ය මොඩර්නා, දැනටමත් ජපානය නිෂ්පාදනය කරලා!

මැයි මාසයේ මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු මේ දක්වා ජපානය විසින් එන්නත් මාත්‍රා මිලියන 10 ක් රටවැසියන්ට ලබා දී ඇත.

‘මොඩර්නා මව් සමාගම‘ යනුවෙන් හඳුන්වන්නේ ඇමරිකාවේ Pfizer Inc. සහ ජර්මනියේ BioNTech SE සමාගම් ය. නමුත් මොඩර්නා ලබාදෙන රටවල් කිහිපයක් විසින් එම එන්නත, මව් සමාගමේ අවසරය ලබාගෙන විවිධ රටවල නිෂ්පාදනය කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 20-30 අතර අයට ඉදිරි දිනවලදී මොඩර්නා වැක්සිනය ලබාදීමට නියමිත ය. කෙසේ නමුත් මෙහිදී කළ යුතුව තිබෙන්නේ මොඩර්නා සන්නාමය පිළිබඳ සැකයක් ඇති කර ගැනීම නොව, ‘පිරිසිදු එන්නත්‘ නිපදවන රටවලින් එන්නත ලබාගැනීමට වග බලා ගැනීමයි.

මූලාශ්‍රය – Japan Times: Japan halts use of 1.63 million Moderna vaccine doses over contamination

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි