×

රුසියානු සයිබර් ප්‍රහාරයක් ගැන ජපානය සෙවිල්ලෙන්!

රුසියාව සහ ජපානය අතර විරසකයක්.....?


රුසියානු රජයේ පිටුබලය ලද සයිබර් ප්‍රහාරයක් කෙරේ ජපානය විමර්ශනය කරමින් සිටින බවට එරට එන්එච්කේ පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය වාර්තා කරන්නේ, ජපානයේ රජයේ වෙබ්අඩවිවලට දියත් කළ මෙම ප්‍රහාරය රුසියානු රජයට සහාය පළ කරන කණ්ඩායමක් විසින් දියත් කළ බවට විශ්වාස කරන බවයි.

එකී සයිබර් ප්‍රහාරය හරහා අදාළ වෙබ් අඩවි වලට පිවිසීම සහ ඒවායින් සේවාවන් ලබා ගැනීම අවහිර කර ඇති අතර, ඉකුත් බ්‍රහස්පතින්දා දින මෙම ප්‍රහාරය දියත් වී ඇති බව සඳහන්.

මෙසේ ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර ජපානයේ ඩිජිටල් ඒජන්සියේ රජයේ පරිපාලන වෙඩ් අඩවිය අවහිර වී ඇති බව ද වාර්තා වේ.

මීට අදාළ විමර්ශන බලධාරීන් විසින් දිගටම දියත් කරන බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි