×

ආපදා වින්දිතයින් සියල්ල ආරක්ෂා කිරීමට ජපාන අගමැති ගෙන් උපදෙස්

හජිබිස් සුළිකුණාටුවෙන් විපතට පත් වීදි වාසීන් දෙදෙනෙකු ආරක්ෂක මධ්‍යස්ථාන වලින් එළවලා!


ස්වභාවික ආපදාවන් ගෙන් අවතැන් වූ ජනතාව කොන්දේසි රහිතව ආරක්ෂක මධ්‍යස්ථාන වෙත ඇතුළත් කළ යුතු බවට එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පවසයි.

ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ජපානයේ ටෝකියෝ නගරයට පසුගිය දින ඇතුළු වූ හජිබිස් සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව අතර නිවාස නොහිමි දෙදෙනෙකු භාරගැනීම ආරක්ෂක මධ්‍යස්ථාන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුවත සැලවීමත් සමඟයි.

ෂින්සෝ අබේ මහතා අද (15) දින ජපාන පාර්ලිමේන්තුවේදී මෙම අදහස් දැක්වූ අතර, ආරක්ෂාව පතා පැමිණෙන සියල්ල අවිවාදයෙන් මධ්‍යස්ථාන කරා ඇතුළත් කර ගත යුතු බවට අවධාරණය කර සිටියේය.

එමෙන්ම හජිබිස් සුළිකුණාටුවෙන් සිදුවූ අලාභ හානි ඇතුළු විපතට පත් ජනතාව වෙනුවෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

පසුගිය සති අන්තයේ එකී සුළිකුණාටුවෙන් විපතට පත් පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීම ආරක්ෂක මධ්‍යස්ථාන ප්‍රතික්ෂේප කර තිබූ අතර, එයට හේතුව වශයෙන් එම නිලධාරීන් දක්වා ඇත්තේ ඔවුනට ජීවත් වන ප්‍රදේශයේ ලිපිනයක් නොමැති බැවින් එසේ ඇතුළත් කර ගත නොහැකි බවය. මෙම ආරක්ෂක මධ්‍යස්ථාන වෙන්කරවා ඇත්තේ පදිංචිකරුවන් හට පමණක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි