×

Update: අපද්‍රව්‍ය සහිත මොඩර්නා එන්නත් ලබාගත් ජපානයේ දෙදෙනෙක් මරුට

ජපානයේ අපද්‍රව්‍ය සහිත මොඩර්නා එන්නත් ලබාගත් දෙදෙනෙක් මරණයට පත් වී තිබේ.


එම මරණවලට හේතුව මොඩර්නා එන්නතදැයි තවම තහවුරු වී නැතත්, ඒ පිළිබඳ දැඩි විමර්ශන පැවැත්වෙන බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මිය ගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30 සහ 38 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර, ඔවුන් වෙනත් කිසිදු රෝගයකින් හෝ ආසාත්මිකතාවලින් පෙළෙන අය නොවූ බව ද වාර්තා වේ.

මෙම එන්නත ලබාගැනීමෙන් පසුව දෙදෙනාටම උණ තත්වයක් වැළඳී තිබේ. කෙසේ නමුත් උණ තත්වය, එන්නත් ලබාගැනීමෙන් පසුව බොහෝ දෙනෙක් අත්දකින සාමාන්‍ය ලක්ෂණයකි.

ජපානය, ටකේඩා නමැති ජපන් සමාගමක් විසින් අලෙවිය සහ බෙදා හැරීම සිදුකරන මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.63ක් වහාම අත්හිටුවා දැමුවේ ඒ තුළ අපද්‍රව්‍ය අන්තර්ගත වන බව හෙළිවීමත් සමග ය.

මෙම අපද්‍රව්‍ය සහිත එන්නත් ඒ වන විටත් රට පුරා වැක්සින් මධ්‍යස්ථාන 800කට අධික සංඛ්‍යාවකට බෙදා හැර තිබිණි.

මේ වන විට ජපන් ජනගහනයෙන් 44%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන් ය.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ජපානයේ 15,700 කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

 

පෙර ලිපිය

ජපානයේ හදන මොඩර්නා එන්නතේ අපද්‍රව්‍ය! – භාවිතය වහාම අත්හිටුවයි!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි