×

තිස් වසරකට පසු ජපානය නැවතත් තල්මස් දඩයම අරඹයි

ජපන් වැසියන්ගේ අදහස වී ඇත්තේ තමන්ට නැවතත් ඒ සදහා අවස්ථාව හිමිවීම ඉතා සතුට දනවන ආරංචියක් බවයි.


දශක තුනකට පසු ජපනයේ ධීවරයෝ තල්මසුන් දඩයම් කිරීම සදහා සිය බෝට්ටු මුහුදට දමා මුහුදු ගමන් ඇරඹුවෝය. ඒ ජාත්‍යන්තර තල්මසුන් පිළිබද කොමිසමේ නීති රීති නොතකමින් ජපන් රජය විසින් ගනු ලැබූ මතභේදයට තුඩුදුන් තීරණයද සමගිනි.

ඒ අනුව අද උදෑසන තල්මසුන් දඩයම සදහා යාත්‍රා පහක් උතුරු ජපානයේ කුෂිරෝ මුහුදෙන්ද තවත් තුනක් දකුණු ජපානයේ ෂිමොනොසෙකි මුහුදෙන්ද පිටත් වී ඇත. මෙම සියළු යානා විසින් තල්මසුන් 227 දෙනෙකු දඩයම් කිරීමට අපේක්ෂා කරයි.


තල්මසුන්ගේ මාංශ ආහාරයට ගැනීම ජපන් ජාතිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් සේ ඔවුන් සලකන අතර ලෝකයේ සත්ව අයිතීන් පිළිබද සංවිධාන වල විවේචනයන් කෙසේ එල්ල වුවද ඔවුන්ගේ අදහස වී ඇත්තේ තමන්ට නැවතත් ඒ සදහා අවස්ථාව හිමිවීම ඉතා සතුට දනවන ආරංචියක් බවයි.

1960 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ජපානය විසින් වාර්ෂිකව රටතුළ පරිභෝජනය සදහා ගෙන ඇති තල්මස් මාංශ ප්‍රමාණය ටොන් 200,000කි. පශ්චාත් යුධ සමයේ ජනතාවට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සදහා තල්මස් මාංශ ඉතා වැදගත් ලෙස ඔවුන් සැළකුහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි