×

ජපානයට නව යුගයක් ”රේවා”

''රේවා යන්නෙහි අර්ථය ''සාමය සහ සහජීවනයයි''


ජපානයට නව අධිරාජ්‍යයෙක් පත් වීමට නියමිතය. ඒත් සමග නව යුගයක් නම් කර ඇති ජපානය එළැඹෙන මැයි මාසයේ සිට එහි ආරම්භය සණිටුහන් කරන්නට සූදානමින් සිටී.
ජපානයේ වත්මන් යුගය හදුන්වන්නේ හෙයිසි නමිනිත අධිරාජ්‍ය අකිහිතෝ විසින් සිය රජකම අත්හැරීමට ගත් තීරණයත් සමග හෙයිසි අධාරාජ්‍යයේ නිමාව සිදු වන්නට නියමිතයතය. ඒත් සමග ඇරඹෙන ”රෙවා” නව යුගය ත් සමග ජනතාවට නව සිතුම් පැතුම් සමග පිබිදෙන්නැයි නව යුගයට අයත් නම ප්‍රකාශ කරමින් එරට අගමැති ෂින්ෂුවා ඇබේ විසින් දන්වා සිටියේය.


”රෙවා යන්නෙහි අර්ථය ”සාමය සහ සහජීවනයයි” ජපානයේ පත්වන සෑම අධිරාජ්‍යයෙකුම සිය යුගයට නමක් ලබා දෙන අතර ජපානයේ නූතන ඉතිහාසය තුළ යුගයන් 4ක් පමණක් පැවත ඇති අතර මින් පෙර පැවතියේ අකිතෝ අධිරාජ්‍යයගේ යුගය වන හෙයිසි යුගයයි. හෙයිසි යන්නෙහි ර්ථය වූයේ සහජීවනය උදාකර ගැනීම යන්නයි. 1926-1989 අතර පැවති ෂෝවා වර්ධයට පසු හෙයිසි යුගය ආරම්භ විය.

ෂෝවා වර්ෂයට පෙර පැවතියේ ටයිෂෝ යුගයයි. ඒ 1922ත් 1926ත් අතර කාලයතුළය, ඊට පෙර ජෙන්ගෝ යුගය 1866 සිට 1912 අතර කාලය තුළ පැවතියේය.
නව යුගය ආරම්භ වීමත් සමග එරට මුදල් ඒකකය, පුවත් පත් , රියදුරු බලපත්, සහ සියලු රාජකාරී ලිපි ලේඛන තුළ රෙවී යන නම සටහන් වනු ඇත.

වත්මන් අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා වසර 85ක් වයසැති වන අතර ජපන් රජය 2017 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නේ ඔහු මෙම වසරේ මැයි මස සිය ධූරය අත්හරින බවයි. ඒ සිය පුතු හට සිය ධුරය භාරදීමේ අදිටනිනි. ඔහු නරුහිටෝ කුමරුය. සාමාන්‍යයෙන් නව යුගයක් ප්‍රකාශයට පත්වන්නේ අධිරාජ්‍යයෙකු මිය ගිය පසු වුවත් මෙවර ඔහු මිය යන්නට පෙර නව යුගය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි