×

ස්පාඤ්ඤයට එරෙහි පාපන්දු සටනේ ජය ජපානයට.

ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට ජපානය සමත්ව තිබේ.


කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ(01) පැවැති තරඟයේදී ස්පාඤ්ඤයට එරෙහිව ගොල 2-1 වශයෙන් ජය ලබමින් ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට ජපානය සමත්ව තිබේ.


තරඟයේ 11 වැනි මිනිත්තුවේදී අල්වාරෝ මොරාටා ස්පාඤ්ඤය වෙනුවෙන් ප්‍රථම ගෝලය ලබා ගත් අතර ජපානය වෙනුවෙන් රිට්සු ඩෝන් හා ආඕ ටනාකා ගෝලයන් හිමිකර ගත් අතර මෙම ජයග්‍රහණත් සමඟ E කාණ්ඩයේ පළමු ස්ථානය ජපානය හිමිකර ගනු ලැබීය.


16 දෙනාගේ වටයේදී ජපානය මුලින්ම ක්‍රොඒෂියාවට එරෙහිව ක්‍රිඩා කරනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි