×

පැයට කිලෝ මීටර් 400ක වේගයක් ඇති ලොව වේගවත්ම බුලට් දුම්රිය පරීක්ෂණ ගමන් අරඹයි

පැයට කිලෝ මීටර් 400ක වේගය සහිත මෙම බුලට් දුම්රිය Shinkansen වර්ගයේ ALFA-X version ලෙස මෙම දුමිරිය වර්ග කොට ඇත .


ලොව මෙතෙක් බිහි වූ වේගවත්ම බුලට් දුම්රිය ජපානය විසින් නිර්මාණය කර ඇති අතර එය මේ වන විටත් පරීක්ෂා කිරීමේ ගමන්වාර ඊයේ සිට ආරම්භ කර ඇත‍

පැයට කිලෝ මීටර් 400ක වේගය සහිත මෙම බුලට් දුම්රිය Shinkansen වර්ගයේ ALFA-X version ලෙස මෙම දුමිරිය වර්ග කොට ඇත . මෙම වේගවත් බුලට් දුමිරිය වසර තුනක පරීක්ෂණ කාලයකට යටත්ය.


මේ වන විට ලෝකයේ වේගවත්ම දුමිරිය ලෙස නම් දරා ඇත්තේ චීනයේ Fuxing දුමිරියයි. එය නවතම ALFA-X නවතම දුමිරියට වඩා උපරිම වේගය පැයට කිලෝ මීටර් 10කින් අඩුය.

උල් හැටයේ ඉදිරි මුහුණතක් ඇති මෙම බුලට් දුම්රිය පරීක්ෂණ කාලය තුළ ජපානයේ සෙන්ඩායි සහ අමෝරි නගර අතර ධාවනය කිරීමට නියමිතය. එය සෑම සතියකටම දින දෙකක් මධ්‍යම රාත්‍රිය පසු වූ පසු එම නගර අතර දුම්රිය මාර්ග නිදහස් වූ කාලය තුළ පරීක්ෂණ ධාවන සිදු කිරීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි