×

එළැඹෙන වසරේ සිට නැවතත්, තල්මස් දඩයමට ජපානය සැරසේ.

ජාත්‍යාන්තර ප්‍රජාව මෙන්ම පරිසර සංවිධානද ජපානයේ මෙම තීරණය සම්බන්ධව විවේචන එල්ල කරමින් සිටී


වාණිජමය වශයෙන් තල්මසුන් ඇල්ලීම නැවතත් අරඹන්නට ජපානය තීරණය කරන ලදී. ජාත්‍යන්තර තල්මසුන් මැරීම සම්බන්ධ කොමිසම International Whaling Commission (IWC) සමග මෙතෙක් සම්බන්ධව සිටියද එළැඹෙන 2019 වසරේ සිට තමන් ඉන් ඉවත් වන බවද ජපානය පවසයි. ඒ අනුව ලබන වසරේ සිට තමන්ගේ මුහුදු සීමාවේ පමණක් තල් මසුන් දඩයම් කිරීමට අවසර ලබා දෙනු ඇත. නමුත් ආක්ටික් සාගරයේ තල් මසුන් ඇල්ලීම සිදු නොකරන බවද ඔවුන් විසින් අද නිකුත් කළ ප්‍රකාශයේ දක්වයි. ඔවුන් එහි සඳහන් කර ඇති පරිදි නැවත් තල් මසුන් ඇල්ලීමට ගත් තීරණය සාධාරණීයකර ඇත්තේ මෙසේය.

” ආහාර සහ ප්‍රෝටීන් ලබා ගැනීම පිණිස පමණක්ම නොව ජපන් ඉතිහාසයේ තවත් බොහෝ අරමුණු සමග ජපන් ජාතිකයන් තල්මසුන් ඇල්ලීම සිදු කල බවයි. ආර්ථිකය මෙන්ම සංස්කෘතික තත්ත්වයන්ද ඒ ඔස්සේ දියුණු වූ බව ඔවුන් පවසයි.

නමුත් ජාත්‍යාන්තර ප්‍රජාව මෙන්ම පරිසර සංවිධානද ජපානයේ මෙම තීරණය සම්බන්ධව විවේචන එල්ල කරමින් සිටී. ඔස්ට්‍රේලියාව පවසන්නේ ජපානයේ තීරණය කණගාටුවට කරුණක් බවයි. ජපානයේ ග්‍රීන්පීස් සංවිධානය පවසන්නේ තල්මසුන් දඩයම් කිරීම නොව සමුද්‍රින පරිසර පද්ධතිය සංවර්ධනය කිරීමට ජපානය වහා පියවර ගත යුතු බවයි.

1951 වසරේදී ජාත්‍යන්තර තල්මසුන් මැරීම සම්බන්ධ කොමිසම මඟින් ලෝකයේ තල්මසුන් මැරීම තහනම් කරන ලදී. ඒ අවස්ථාවේදීද ජපානය කියා සිටියේ තල් මසුන්ගේ ශරීරයේ කොටස් ආහාරයට ගැනීම ජපන් සංස්කෘතියේ අංගයක් බවයි.

ඉන්පසුවද විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යැයි කියමින් ජපානය විසින් ආහාර සඳහා ජාත්‍යන්තර නීතියට පටහැනිව තල් මසුන් ආහාරය සඳහා මරා ඇත. මේ සම්බන්ධව ජාත්‍යන්තර විවේචන රැසක් ජපානය වෙත අද දක්වාම එල්ල වෙමින් පවතී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි