×

ජපානය සිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 320ක් වෙන් කරයි

මේත් සමඟ ජපානය එක්සත් ජනපදයට සහ චීනයට පසුව ලෝකයේ තුන්වන විශාලතම මිලිටරි වියදම් කරන්නා බවට පත් කරනු ඇත.


කලාපීය ආතතීන් සහ රුසියාවේ යුක්රේන ආක්‍රමණය, යුද භීතිය අවුස්සන බැවින් ජපානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 320ක් වෙන් කළ බව අගමැති ෆුමියෝ කිෂිඩා නිවේදනය කර තිබේ.

මේත් සමඟ ජපානය එක්සත් ජනපදයට සහ චීනයට පසුව ලෝකයේ තුන්වන විශාලතම මිලිටරි වියදම් කරන්නා බවට පත් කරනු ඇත.

මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ තායිවානයට පහර දීමට චීනය නිරන්තරව සිය මිලීටරි ශක්තිය ගොඩනගා ගැනීම හා උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල අත්හදාබැලීම් කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවයි.

ඒ අනුව කිෂිඩාගේ සැලැස්ම ඉදිරි වසර පහ තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2 ක් දක්වා ආරක්ෂක වියදම් දෙගුණ කිරීමට අපේක්ෂා කරන අතර මේ පිළිබඳව කරන ලද සමීක්ෂණ වලින් තහවුරුව ඇත්තේ ජපානයේ වේගවත් සන්නද්ධකරණයට ඡන්දදායකයින් ගෙන් 70% පමණ සිය මනාපය ලබා දී ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි