×

සිය අගමැතිවරයාගේ නම නිවැරදිව භාවිතා කරන්නැයි ජපානයෙන් ලෝකයටම කාරුණික ඉල්ලීමක්.

ෂින්සෝ අබේ වෙනුවට අබේ ෂින්සෝ.


ජපානය මුළු මහත් ලෝකයෙන්ම ඉතා කාරුණික ඉල්ලීමක් පසුගියදා සිදු කරන ලදී. ඒ සිය නායකයාද ඇතුළු සියළු ජපන් ජාතිකයන්ගේ නම් නිවැරදි ලෙස උච්ඡාරණය කරන ලෙසයි.

ජපන් ජාතිකයන් සය නමෙහි මුල් කොටස නැත්නම් මුල් නම භාවිත කරන්නේ සිය පෙළපත් නාමය නැත්නම් පවුලේ නමය. ඉන්පසු ඔවුන්ට අදාල නම භාවිත කරයි. චීනයද කොරියාවද එම ක්‍රමයම භාවිත කරයි.
නමුත් ශත වර්ශ ගණනාවක් තිස්සේ අද වන තෙක් ම ඉංග්‍රීසි ලෝකය තුළ ජපන් නම් භාවිත වී ඇත්තේ වැරදි අයුරින් බව ජපනුන් විසින් ලෝකයේ අවධානය යොමු කරමින් සිටී, එනම් එම නම් උඩු යටිකුරු භාවිතා කිරීමය. ඒ අනුව පුද්ගල නාමය මුලටද පෙළපත් නාමය අගටද භාවිත කර ඇත. එම ක්‍රමයට නම භාවිත කිරීම ජපානයේ මෙජී යුගයත් සමග ආරම්භ වූ අතර
ජපානය පස්ගියදා නව අධිරාජ්‍යවරයෙක් පත් වූ පසු නව යුගයක් රෙයිවා නමින් ආරම්භ විය. මේත් සමග ජපානයට අවශ්‍ය වී ඇත්තේ නැවතත් සිය නම් නිවැරදිය භාවිත කිරීම ආරම්භ කරන්නටයි.
පසුගියදා මේ පිළි බදව ජාත්‍යන්තර මාධ්‍යවේදීන් අමතමින් ජපන් විදෙස් අමාත්‍ය විදේශ අමාත්‍ය ටාරෝ කෝනෝ පවසන්නේ තම රටේ අගමැතිවරයාගේ නමද ඇතුළු සිය ජාතිකයන්ගේ නම් නිවැරදිව භාවිත කරන ලෙසයයි. මෙතෙක් බොහෝ විය. ජාත්‍යන්තරය තුළ ජපන් අගමැතිවරයාගේ නම මෙතෙක් සුලභව භාවිත කලේ. ෂින්සෝ අබේ නමිනි. නම්ත් ඔවුන්ට අනුව එය භාවිත විය යුත්තේ අබේ ෂින්සෝ නමිනි. එය චීන ජනපතිගේ නම ෂී ජීපින්ග් සහ දකුණු කොරියානු ජනපති මුන් ජෝ ඉන් යන නම් භාවි කෙරෙන ආකාරයෙන්ම භාවිත විය යුතුය.
සියළුම දෙස් විදෙස් මාධ්‍ය මින් පසු එසේ නිවැරදිව නම භාවිත කරන්නැයි ඔහු ඉල්ලීමක් කලේය.
මේ සදහා මීට වසර 20කට පෙරද පියවර ගත්තද එහි ප්‍රතිඵලයක් නොවුන බවද යළිත් ඒ වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි