×

මේ ඉන්නේ කුරුලු පැටියෙක්ද? නැත..!

මේ ඉන්නේ පුංචි කුරුලු පැටියෙක්ද? කොහෙත්ම නැහැ.. පුංචි ගල් කැටයක්..විශ්වාස කරන්නත් අමාරු වුණත්, ඒක තමයි, ඇත්ත.


මේ හපන්කම කරන්නේ ජපානයේ සිත්තර යුවතියක් විසින්. ඇය, පුංචි ගල් කැට, අතිශයින්ම ජීවමාන, බැලූ බැල්මට ඇත්තම කියා හිතෙන පුංචි සතුන් බවට පත් කරනවා. පුංචි කුරුල්ලන් විතරක් නෙවෙයි, සිංහයන් පවා අත්ල මත ගුලි කරගන්න පුළුවන් සුන්දර වස්තු බවට පත් කරන්නට මේ යුවතියට තිබෙන්නේ උපන් හපන් කමක්.

ඇගේ සියුම් ඇඟිලිතුඩු අගින් මැවෙන පින්සල් රටා නිසා බැලූ බැල්මට කිසිම කෙනෙකුට මේවා ගල් කැට කියල නම් නිකමටවත් කියන්න බැහැ.

ඇගේ නම අකී නකාතා. (Akie Nakata). ඇය මෙහෙම කියනවා.

‘‘මේ හැම පුංචි ගල් කැටයකටම එයාගෙම කතාවක් තියෙනවා!“

අකී

අකී මේ කලාව ඉගෙන ගත්තෙ තනිවමයි. දවසක් ගඟක ඉවුරක් දිගේ ඇවිදගෙන යද්දි ඇයට ගං ඉවුරෙ තියෙන පුංචි ගල් කැටයක් හාවෙක් වගේ දිස්වුණා කියල ඇය කියනවා. ඇය කොහොමත් පුංචි කාලෙ ඉඳන්ම විනෝදාංශයක් විදිහට පුංචි පුංචි ගල් කැට එක්රැස් කළ කෙනෙක්. ඉතින්, ඇත්තටම ඒ ගල් කැටය පුංචි හාවෙක් බවට පත්කළොත් කොයි තරම් හොඳද කියල ඇයට එකවරම හිතුණා. මුලින්ම ඒ වගේ නිර්මාණයක් ඇය කළේ 2011 අවුරුද්දෙයි. මේ වෙද්දි ඇය ගොඩක් දුර ගිහින්, ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වන චරිතයක් බවට පත්වී අවසන්.

‘‘ගල් කැටයක් මේ වගේ නිර්මාණයක් බවට පත් කරනව කියන්නෙ, මම කොයිතරම් සියුම් විදිහට ඒකෙ පින්සල් රටා මවනවද කියන එක නෙවෙයි, ඒ ගල් කැටය මගේ හිතේ ගැඹුරට – කොයි තරම් දුරට දැනෙනවද කියන එකයි.“

පුංචි සිත්තරී එහෙම කියනවා.

අකී මුලින්ම මේ ඕනෑම සතෙකුගේ දේහය පාට ගන්වනවා. ඇස් දෙක තමයි, අවසානයටම අඳින්නෙ. ඒකට ඇය විශේෂ අවධානයක් යොමු කරනවා.

මේ තියෙන්නෙ, අකී විසින් පණ පෙවූ ගල් කැට සම්භාරයෙන් පුංචිම පුංචි එකතුවක්.

Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest
Photo Credit : Priterest



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි