×

කෝවිඩ්වලින් පෙණහළු හානි වූ කාන්තාවකට සාර්ථක පෙණහළු බද්ධයක් – සැමියා සහ පුතාගෙන් පෙණහළු පටක

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පෙණහළු දැඩි ලෙස හානියට පත් ව සිටි කාන්තාවකට සාර්ථක පෙණහළු බද්ධයක් සිදුකිරීමට ජපන් වෛද්‍යවරු සමත් වී සිටිති.


මේ වර්ගයේ, ලෝකයේ ප්‍රථම සැත්කම

සාමාන්‍යයෙන් අවයව බද්ධයන් සිදුකරන්නේ මියගිය දායකයන්ගෙන් ලබාගත් පටක වලිනි. නමුත් මෙම සැත්කම සුවිශේෂී එකකි. එහිදී අදාළ පෙණහළු පටක ලබාගෙන තිබුණේ තවමත් ජීවත් ව සිටින දායකයෙකයන්ගෙනි. තවද කොරෝනා වෛරසයට ගොදුරු වී සුවය ලැබූ අයෙකුට සිදුකළ බද්ධ කිරීමක් නිසා ද මෙය සුවිශේෂී වේ. මේ අන්දමින් සිදුකළ ලෝකයේ ප්‍රථම සැත්කම මෙයයි.

මෙහිදී රෝගී කාන්තාවට බද්ධ කිරීම සඳහා පෙණහළු පටක ලබාගෙන තිබුණේ ඇගේ සැමියාගෙන් සහ පුතාගෙන් වීම ද විශේෂත්වයකි.

ජපානයේ කියොතෝ සරසවි රෝහලේදී මෙම සැත්කම සිදුකිරීමට 30 දෙනෙකුගේ වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූහ. එය පැය 11 ක දුෂ්කර ශල්‍යකර්මයක් විය.

ලොව පුරා කෝවිඩ් වැළඳී සුව වූ අයට සුබ ආරංචියක්

ශ්වසන පද්ධතියට හානි කරන කෝවිඩ් වසංගතය හේතුවෙන් සුවය ලැබූ රෝගීන් අතර පවා පෙණහළු පටකවල ස්ථිර හානි සිදුව තිබීම සුලබ දෙයකි. ලොව පුරා කෝවිඩ් වැළඳී සුවය ලැබූවෝ මෙම අවදානමට ලක් ව සිටිති. ඇතැම් අවස්ථාවලදී ප්‍රතිකාර කරන අවස්ථාවේදී ම පෙණහළු පටක ද බද්ධ කිරීම සිදුව තිබේ. නමුත් ජීවත් ව සිටින පටක දායකයන්ගෙන් එසේ කළ ලෝකයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේදී ඇමරිකාවෙන් වාර්තා වූයේ කෝවිඩ් වැළඳී සුව වූ, නමුත් වෙනත් හේතුවක් නිසා මිය ගිය වයස හැට ගණන්වල පසු වූ අයෙකුගෙන් ලබාගත් පෙණහළු පටක, තවත් කෝවිඩ් රෝගියෙකු හට සාර්ථක ලෙස බද්ධ කළ බවයි.

චීනයේ වුහාන් නගරයේ ජීවත් වූ, කෝවිඩ්වලට ගොදුරු වී සුවවූ අය 1700 දෙනෙකු පමණ, වසංගතය පැමිණීමට මාස කිහිපයකට පෙර පෙණහළු හානිවලට ලක් ව සිටි අය බවයි. වසංගත කාලය තුළ ඔවුන් බරපතළ ලෙස ගිලන් වූහ. මෙම ගෝලීය වසංගතය එක එල්ලේම හානි කරන්නේ පෙණහළු පටක මූලික කරගෙන බැවින්, පෙණහළු බද්ධයන් කෙරෙහි මේ වන විට වෛද්‍ය ලෝකයේ විශාල අවධානයක් යොමු වී තිබේ.

ප්‍රධාන ඡායාරූපය – මෙහි වම් පස එක්ස් කිරණ ඡායාරූපයෙන් පෙන්වන්නේ පෙණහළු බද්ධයට පෙර පෙණහළු පැවති ආකාරයයි. දකුණු පස ඡායාරූපයෙන් දැක්වෙන්නේ පෙණහළු බද්ධයෙන් පසු තත්වයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි