×

ජපානය සතු වූ ලොව ප්‍රභලතම F-35 යුධ ගුවන් යානාවක් අනතුරට

නියමුවා සොයා මෙහෙයුම්


ලොව ඇති ප්‍රභලතම යුධ ගුවන් යානයක් ලෙස සැළකෙන ජපානයට අයත් F-35 stealth fighter හෙවත් F-35 රහස් සටන්කරු යුධ ගුවන් යානය ඊයේ පැසිපික් මුහුදට උඩින් අනතුරට ලක්ව ඇති බව වාර්ථාවේ.

තනි එන්මකින් ක්‍රියාකරන ජෙටියානාවක් වන මෙය ජපන් අහසෙහි තවත් යානා තුනක්ද සමග පුහුණු කටයුතු වලට යොදා ගනිමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇත. ජපාන ආරක්ෂක අමාත්‍ය ටකේෂි ඉවායා පවසන්නේ යානයට අයත් කොටස් අද උදෑසන හමුවූ බවයි. යානයත් සමග අතුරුදහන් වූ නියමුවා විසින් අනතුරට පෙර රේඩාර් සංඥා ක්‍රියාත්මක වෙමින් පවතිද්දී  මෙහෙයුම නතර කළ යුතු බවට සංඥා කර තිබුණද ඇති වූ හදිසි තත්ත්වය පාලනය කර ගත නොහැකිව ඇත. මේ වන විට ඇමරිකානු සහ ජපන් ආරක්ෂක අංශ ගුවන් නියමුවා සොයමින් මෙහෙයුම් දියත් කර ඇත.


මීට දින 11කට පෙර ඩොලර් මිලියන 100ක වටිනාකමකින් යුත් ජපන් ජෙට් යානා මෙහෙයුම් ආරම්භ කර ඇත. F-35 වර්ගයේ ජපන් යුධ ගුවන් යානයක් අනතුරකට පත් වූ දෙවන අවස්ථාව මෙය වෙයි මින් පෙර ඇමරිකාවේදී F-35B යානය දකුණු කැලිෆෝනියා හී දී අනතරට ලක් විය. ඒ පසු ගිය සැප්තැම්බරයේය.
F-35 වර්ගයේ යානා ඇමරිකාවේදී සහ ජපානයේ නගෝයා හීදී නිපදවනු ලබයි. මෙවර අනතුරට පත් යානය නගෝයා හීදී ප්‍රථම වරට එකලස් කරන ලද ගුවන් යානය වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි